Colombo Today Local NewsTop Stories

රිලා සංගණනයේ සමස්ථ ප්‍රතිඵල එළියට – ලාල් රට යවද්දී ජගත් දූපතකට පටවයි

වගාවට හානිකර සතුන් පාලනය කිරීමේ රජයේ වැඩපිළිවෙලට අනුබද්ධිත “ඊනියා රිලා සංගණනයේ” නිල සමස්ථ ප්‍රතිපලය හෙට (28) නිකුත් වීමට නියමිතය.

මෙයය සම්පූර්ණ නිරවුල් වාර්තාවක් ලෙස සැලකිල්ලට ගත නොහැකි බවත්, එහෙයින් තවත් කිහිප අවස්ථාවකදීම මෙම සංගණන කටයුතු සිදු කළ යුතු බවත්, රජයේ කෘෂිකර්ම ඇමතිවරයාගේ අදහස වී තිබෙන බැව් මාධ්‍ය කිහිපයක් විසින් ඊයේ වාර්තා කොට තිබිණි.

මහනුවර පැවති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පළ කොට ඇති බැව් වාර්තා වන අතර, අතිරික්ත සතුන් විදේශයන් වෙත පැටවීම හෝ වෙනත් සුදුසු පියවරක් ගැනීම ගැන තීන්දුවක් ගත හැක්කේ එසේ සංගණනය කිරීමෙන් පසුව බැව් ප්‍රකාශ කොට තිබේ.

මේ අතර, රිලවුන් දූපතකට රැගෙන යාමේ වැඩසටහන සඳහා විශේෂඥ කමිටු අනුමැතිය ලැබී ඇති බවට පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ ප්‍රකාශ කොට ඇතැයි තවත් පුවතකින් සැල විය.

මෙය නියමු ව්‍යාපෘතියක් බවත් එහි හොඳ නරක තේරුම් ගත හැකි වන්නේ ක්‍රියාත්මක කිරීමෙන් අනතුරුව බවද ඔහු කියා තිබේ.

ඒ අනුව හේවාහැට ආසනයේ ගම් 15ක් පදනම් කරගෙන මෙම නියමු ව්‍යාපෘතිය නුදුරේදීම ක්‍රියාත්මක කිරීමට රජය අපේක්ෂා කරන බවට එම පුවත් වාර්තාව මගින් අනාවරණය කොට තිබේ.

Related posts

ජාතික ගුවන් විදුලියෙන් ඉස්ලාමීය අන්තවාදී දේශනා ප්‍රචාරය කරයි – හිටපු මුස්ලිම් වරුන්ගෙන් චෝදනා

colombotoday

හෙරොයින් ග්‍රෑම් 210 ක් සමග සැකකරුවන් පස් දෙනෙකු අත්අඩංගුවට

colombotoday

පස්සර මාර්ගයට ගල් පර්වතයක් පෙරළෙයි

Admin

රාජිත මන්ත්‍රීධුරයෙන් පැන්නුවේ මමයි – විජේදාස රාජපක්ෂ

colombotoday

කන් අඩි පැළෙන්න හෝන් ගහන වාහන වලට දැඩි නීති !

colombotoday

20 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ වැදගත් කරුණු කිහිපයක්

colombotoday