අධිවේගී මාර්ගවල ඊයේ (16දා) දිනයේ දෛනික ආදායම රුපියල් මිලියන 17.6කට ආසන්න බව අධිවේගී මාර්ග නඩත්තු හා මෙහෙයුම් අධ්යක්ෂක එස්. ඕපනායක මහතා සඳහන් කළේය.
අවුරුදු සමයේ ගෙවී ගිය දින කිහිපය තුළ වාර්තා වූ වැඩිම ආදායම ඊයේ වාර්තා වූ බවද හෙතෙම පවසා සිටියේය. ඊයේ දිනය තුළදී වාහන 55,702 ක් අධිවේගී මාර්ගය භාවිත කර තිබෙන බවද ඕපනායක මහතා කියා සිටියේය.