Colombo Today Local News

පාතාලයෙන් පඩි ගන්න පොලිස් නිලධාරීන් ඉන්නවා

ඇතැම් පොලිස් නිලධාරීන් පාතාලයෙන් හා මත්ද්‍රව්‍ය ජාවාරමෙන් වැටුප් ලබන බව මහරජන ආරක්ෂක නියෝජ්‍ය ඇමති සුනිල් වටගල මහතා සඳහන් කරයි.

දෙරණ නාලිකාවේ වැඩසටහනට එක්වෙමින් ඔහු කියා සිටියේ මත්ද‍්‍රව්‍ය ජාවාරම හා පාතාලය මර්දනයට රජය ගෙන ඇති ඇතැම් පියවරයන් මාධ්‍ය හමුවේ හෙළිදරව් කිරීමට නොහැකි බවයි.

“පාතාලය, මත්ද්‍රව්‍ය ජාවාරම යට පඩි ගන්න පොලිස් නිලධාරීන් ඉන්නවා. අපිට රුවන්වැල්ලේ මුළු පොලීසියම වගේ මාරු කරන්න සිද්ධ වුණා. බුද්ධි තොරතුරු අරගෙන. ඒ විතරක් නෙමෙයි අවිස්සාවේල්ලේ. මේ අය ජාලයක්. පාතාල සල්ලි පොලීසිය අතට යනවා.

අපි පොලිස්පතිව ගෙනල්ලා සාකච්ඡා කළා. දැන් පාතාලය මෙහෙයවන්නා මතුගම ඉන්නේ.

අපි මේක ප්‍රශ්නයක් විදියට දකිනවා. අපි ගත්තු සියලුම ක්‍රියාමාර්ග මාධ්‍ය හරහා හෙළිකරන්න අමාරුයි. මත්ද්‍රව්‍ය සහ පාතාලය සම්බන්ධයෙන් අමාත්‍යංශ මට්ටමින් තීන්දු තීරණ ටිකක් අරගෙන තියෙනවා. ඒවා ක්‍රියාත්මක කිරීමේ වගකීම දීලා තියෙන්නේ පොලිස්පති ඇතුළු කණ්ඩායමට.

අපි සියලුම පොලිස් නිලධාරීන්ට කියන්නේ මහජන වරමට ගරු කරන්න කියලා.

ඊයේ පෙරේදා ආයෙත් පාතාල සිද්ධි ඉස්මතු වුණා. මේක ඇතුළේ පටු අවස්ථාවාදී දේශපාලනයත් තියෙනවා.”

Related posts

බත්තරමුල්ල සමුපකාර රක්ෂණ සංස්ථාවේ සභාපති වෙන්න ගිය දර්ශනට වෙඩි

Admin

මෙරට ළමුන් ගැන ඇහෙන ඇඟ කිලිපොලා යන හෙලිදරව්ව

Admin

පළාත් සභා ඡන්දය කඩිනමින් පවත්වන්න – ජනපතිගෙන් උපදෙස්

colombotoday

“ජාතික ආරක්ෂාව තර්ජණයකට ලක්වෙලාද දැන්ම කියන්න බෑ” – ආරක්ෂක ලේකම්

colombotoday

කුඩු සලිඳුගෙන් පෙත්සමක්

Admin

රේන්දපොළ අඹේවෙල ලෝකාන්තය මාර්ගය නායයයි

Admin