Colombo Today Local News

හාල් නැව කුණාටුවකට අහුවුණොත් ප්‍රමාද වෙන්න පුලුවන්

පසුගිය 19 වෙනිදා රජය ඇනවුම් කළ සහල් නැවක් මෙරටට පැමිණීමට නියමිතව තිබුණ ද නැව පමා වන බව දැනුම් දුන් බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ පවසයි.

එම සහල් නැව එළඹෙන 24 වෙනිදා ලබා දෙන බව ටෙන්ඩර්කරු දැනුම් බව ද ඇමතිවරයා සඳහන් කරයි.කෙසේ වුව ද එම නැව කුණාටුවකට හසු වුණා යැයි ඔහු කිවහොත් තමන්ට කළ හැකි දෙයක් නොමැති බව ද වසන්ත සමරසිංහ පෙන්වාදෙයි.

ටෙන්ඩර් පටිපාටියේ ඇති ගැටලු නිසා මෙලෙස සහල් ආනයනය පමා වන නිසා ඉදිරියේ දී එම පටිපාටියෙන් තොර විකල්ප ක්‍රමවේද පිළිබඳ සොයා බලන නමුත් තමන් විපක්ෂයේ සිටියේ නම් එමගින් වංචා කරන නිසා ටෙන්ඩර් කිරීමකින් තොරව භාණ්ඩ ආනයනයට විරුද්ධ වන බව ද හෙතෙම ප්‍රකාශ කරයි. දෙරණ 360 වැඩසටහනට එකතු වෙමින් ඇමති වසන්ත සමරසිංහ මේ බව කීය.

Related posts

“රටට තියා දායකයන්ටවත් මූණ දෙන්න බෑ“ – රතන හිමි තීන්දුවක් ගන්න යයි

colombotoday

ආබාධ සහිත ප්‍රජාවගේ අයිතිවාසිකම් සුරකිමින්, ඔවුන්ද සංවර්ධනයේ කොටස්කරුවන් බවට පත්කිරීමේ වැඩපිළිවෙලක් !

colombotoday

ලංකා ඛනිජ තෙල් සංස්ථාවට පවරාගත් ඉන්ධන හල් වලින් කිව්.ආර් නැතුවම තෙල් බෙදයි

Admin

සෞඛ්‍ය පද්ධතියේ ධාරිතාවය ඉක්මවා යෑමේ අවදානමක්

colombotoday

එළවලු මැස්සක් උඩ කපා කොටා දැමූ පුද්ගල මළ සිරුරක්

colombotoday

එජාප මහ ලේකම් ධුරය යලිත් රංගෙ බණ්ඩාරට

Admin