Colombo Today Local News

“ඩයස්පොරා තහනම ඉවත් කරලා, සංහිදියාව වෙනුවෙන් වැඩ ගොඩක් කරලා.. ඒත් මානව හිමිකමුත් කඩලා” ඇමරිකාවෙන් වාර්තාවක් එයි

hrm

සංහිදියාව සදහා ශ්‍රී ලංකාව පියවර රැසක් ගෙන තිබුණද ඉකුත් වසරේදීද බරපතල මානව හිමිකම් උල්ලංඝණය කිරීම් කිහිපයක් වාර්තා වී ඇති බව, ලොවපුරා රටවල මානව හිමිකම් තත්ත්වය විශ්ලේෂණය කරමින් ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව පෙරේදා නිකුත් කළ වාර්තාවේ දැක්වේ.

රජයේ ආරක්ෂක අංශවලින් සිදු කරන ලද විවිධාකාරයේ වදදීම්, පැහැර ගැනීම් සහ ලිංගික අඩන්තේට්ටම් 11ක් ඒ අතර වන බවයි සදහන් වන්නේ.

ඉකුත් වසරේ ජූනි මාසයේදී කිලිනොච්චිය ප්‍රදේශයේ තෙහැවිරිදි දැරියක් පැහැර ගැනීම, එම දැරියගේ මව්පියන්ට සහ සහෝදරයන්ට පොලීසිය වදහිංසා සිදු කිරීම මෙහි දක්වා ඇති එක් නිශ්චිත සිදුවීමක්.

කෙ‍සේ වෙතත් මෙම වාර්තාව පිළිබදව තවදුරටත් අධ්‍යයනය කර ආරක්ෂක ලේකම්වරයා සමග සාකච්ඡා කර ලබන 18 වනදා ඊට ප්‍රතිචාර දක්වන බවයි යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් ජයනාත් ජයවීර මහතා සදහන් කරන්නේ.

මේ අතර ඕමන්තේ මුරපොල වසා දැමීම, එක්සත් ජාතීන්ගේ නියෝජිතයන්ට ශී‍්‍ර ලංකාවට පැමිණීමට අවසර ලබාදීම සහ දෙමළ ඩයස් පෝරාවට අයත් ඇතැම් සංවිධාන හා පුද්ගලයින්ට පනවා තිබූ තහනම ඉවත් කිරීම ශී‍්‍ර ලංකාව ඉකුත් වසරේ ගනු ලැබූ අගය කළයුතු පියවරයන් ලෙස අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව පෙන්වා දී තිබෙනවා. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනය සම්මත කර ගැනීමද ශී‍්‍ර ලංකාව ඉකුත් වසරේ ගත් අගය කළයුතු පියවරක් බවයි අදාළ වාර්තාවේ වැඩිදුරටත් දැක්වෙන්නේ.

Related posts

කෘෂිකර්ම රාජ්‍ය ඇමැති ධූරයේ දිවුරුම් දුන් ශාන්ත බණ්ඩාර ශ්‍රීලනිපයෙන් පන්නයි

colombotoday

ලංකාවේ සුපිරිම ධනවතා මෙරටට ගෙනා ලොව සුපිරිම මෝටර් රථය මෙන්න

colombotoday

ප්‍රජාතන්ත්‍රවාදය උලාකන ආණ්ඩුව සහ මාධ්‍ය මර්ධන පනත

Admin

ධාවනයෙන් ඉවත් කළ ලංගම බස් 273ක් නැවත සේවයට

colombotoday

මන්නයකින් ගෙලට පහර දී අයියා ව ඝාතනය කළ 14 හැවිරිදි සහෝදරයා අත්අඩංගුවට

Admin

සිංහලයට, දෙමළට මුස්ලිම් මිනිහට වෙන වෙන නීති එපා. එක නීතියක් ඕනි. – මනෝ ගනේෂන්

colombotoday