Colombo Today Local News

රටේ රතු හාල් නැති වුනේ රනිල් නිසා

රටේ මේ වන විට රතු කැකුළු සහල් නොමැති බව අරලිය සහල් අධිපති ඩඩ්ලි සිරිසේන පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ ඊට හේතුව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහල් කිලෝ 20 බැගින් අස්වැසුම යටතේ රට පුරා බෙදා දීම බවයි.

හම්බන්තොට ඇතුළු දකුණු පළාතේ නිෂ්පාදනය කරන එම සහල් අඩු ආදායම්ලාභීන්ට පමණක් නොව තට්ටු දෙක තුනේ ගෙවල් යානා වාහන ඇති අස්වැසුමලාභීන්ට ද දුන් බවට ඩඩ්ලි සිරිසේන චෝදනා කරයි.

එම පිරිස රතු සහල් නොකන බවත් ඒවා අවසානයේ ඔවුන්ගේ ගෙවල්වල සිටින බල්ලන්ට දුන් බවත් ඔහු අනාවරණය කරයි.

ඊයේ (02) හිරු සලකුණ වැඩසටහනට එකතු වෙමින් ඩඩ්ලි සිරිසේන මේ බව කීය.

Related posts

නීතියට කොකා පෙන්නා රටින් පැන්න කන්ජිපානි මිනී මැරීම් යලි අරඹයි

colombotoday

රණවිරුවන් ආරක්ෂා කිරීමේ නව පනතක් ගෙන ආ යුතුයි – අස්ගිරි අනුනායක හිමි

colombotoday

ශ්‍රෙෂ්ඨාධිකරණ තීන්දුව එයි.. ගීතාට පාර්ලිමේන්තුව තහනම් වෙයි !

colombotoday

හාල් නැව කුණාටුවකට අහුවුණොත් ප්‍රමාද වෙන්න පුලුවන්

Admin

සමලිංගික සේවනය නීතිගත කරන්න මංගලගෙන් කැබිනට් පත්‍රිකාවක්

colombotoday

විශ්වවිද්‍යාලවල ලියාපදිංචිවීමට දුන් කාලය දීර්ඝ කෙරේ

colombotoday