2024-12-15 සිට 2025-06-14 දක්වා කාලය තුල ඩීසල් (0.05% M.S.) නැව් තොග 04ක් මිල දී ගැනීම සඳහා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ලියාපදිංචි සැපයුම්කරුවන්ගෙන් ලංසු කැඳවා තිබේ.
ඒ අනුව, ලංසුකරුවන් 06 දෙනෙකු විසින් ලංසු ඉදිරිපත් කර ඇත.
එකී ලංසු ඇගයීමෙන් අනතුරුව අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද විශේෂ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි අදාළ ප්‍රසම්පාදනය සිංගප්පූරුවේ බීබී එනර්ජි (ඒෂියා ) ප්‍රයිවට් ලිමිටඩ් වෙත ප්රදානය කිරීම පිණිස ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
මෙම සමාගම දීර්ඝ කාලයක් තිස්සේ මෙරටට ඉන්ධන සැපයුම සිදු කරන සමාගමකි.