Colombo Today Local News

රාජගිරියේ තදබදයෙන් දහස් ගාණක් අමාරුවේ

රාජගිරිය හන්දිය ප්‍රදේශයේ( ගුවන් පාලම ආශ්‍රිතව) දිනපතා උදේ වරුවේ ඇතිවන අධික රථවාහන තදබදය හේතුවෙන් කාර්යාල සේවක සේවිකාවෝ දැඩි ලෙස දුෂ්කරතාවයට පත් වෙති.

කාලයක පටන් පවතින මෙම තදබදයට කිසිදු විසඳුමක් ලැබී නැතැයි එම සේවික සේවිකාවෝ පෙන්වා දෙති.

අධික තදබදය හේතුවෙන් විශේෂයෙන්ම උදේ වරුවේදී අතුරු මාර්ගවලින් රාජගිරිය ප්‍රධාන මාර්ගයට නාවල සහ අනෙකුත් ප්‍රදේශවලින් පිවිසෙන ජනතාවට පැය ගණන් රස්තියාදු වීමට සිදුවී ඇතැයි පෙන්වා දෙන එම සේවක සේවිකාවෝ මේ තදබදය හේතුවෙන් නියමිත වේලාවට රැකියාවන්ට යෑමට නොහැකි වීමෙන් අපහසුතාවන්ට මුහුණ දෙන බවද ප්‍රකාශ කරති.

පාර්ලිමේන්තුව ඇතුළු රජයේ ආයතන රැසක් ඒ අවට පිහිටා ඇති හෙයින් කාර්යාල සේවක සේවිකාවන් දහස් සංඛ්‍යාත පිරිසක් අතුරු මාර්ගවලින් රාජගිරිය ප්‍රධාන මාර්ගයට පිවිසෙන බව පැවසේ.

ගුවන් පාලමක් තිබුණද ප්‍රදේශයේ තදබදය කාලයක සිට දිගටම පවතින හෙයින් මේ සඳහා වහාම විසඳුමක් දෙන්නැයි ප්‍රදේශයේ ජනතාව රජයෙන් සහ පොලිස් ප්‍රධානීන්ගෙන් ඉල්ලීමක් කරති.

මේ සම්බන්ධයෙන් අප පොලිස් රථ වාහන මූලස්ථානය භාර නියෝජ්‍ය පොලිස්පති ඉන්දික හපුගොඩ මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ උදය වරුවේ එම ප්‍රදේශයේ
ලොකු රථ වාහන තදබදයක් පවතින බව පිළිගන්නා බවයි.

එම තදබදය වැළැක්වීමට තමා වැඩපිළිවෙළක් සකස් කර ඇති බවත් මැතිවරණයෙන් පසුව එම වැඩ පිළිවෙළ ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවත් ඔහු සඳහන් කළේය.

මැතිවරණ රාජකාරි හේතුවෙන් පොලිස් නිලධාරින් ප්‍රමාණවත් පරිදි රථවාහන රාජකාරියේ යෙදවීමට නොහැකිවී තිබෙන බවද නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවසීය

සුජිත් හේවාජුලිගේ

Related posts

බුදු දහමට අපහාස කලාට “තව්හීද් ජමාත්“ සැපැතැම්බර් 8 යළිත් උසාවියට

colombotoday

අද අලුයම සිට හුදකලා බව ඉවත් කළ සහ අලුතින් පැනවූ ප්‍රදේශ මෙන්න

colombotoday

2021 සා/පෙළට අයදුම්පත්‍ කැඳවීම අදින් අවසන්

colombotoday

මට්ටකුලියේදී පුද්ගලයෙකු කපා කොටා ඝාතනය කෙරේ…. – පාස්කු ප්‍රහාරයේ සැකකරුවෙක් දැයි සැකයක්?

Admin

බැදුම්කර වංචාවේ තරම බෑණාගේ ලාභයෙන් පෙනේ.. අවසන් මාස 6 ලාභය බිලියන 6.8යි..

colombotoday

හඳුන්නෙත්තියා ඕපන් කොරපු කර්මාන්තශාලාව කෝ?

colombotoday