Colombo Today Local News

තලේමන්නාරම මාර්ගයේ දුම්රිය ධාවනය අද සිට

අද (12) සිට තලෙයිමන්නාරම මාර්ගයේ දුම්රිය ධාවනය යළි ආරම්භ කිරීම සඳහා කටයුතු සැලසුම් කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

මහව සහ අනුරාධපුරය අතර දුම්රිය මාර්ග සංවර්ධන ව්‍යාපෘතිය හේතුවෙන් එහි දුම්රිය ධාවනය තාවකාලිකව නවතා තිබුණා.

ඒ අනුව කොළඹ කොටුව සහ තලේමන්නාරම අතර අද (12)  සිට පහත පරිදි දුම්රිය ධාවනය කෙරෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා..

* අංක 5003 – කොළඹ කොටුව – තලෛමන්නාරම,

කොළඹ කොටුවෙන් පිටත්වීම ‍ප.ව.16.15 – ත⁣ලෛයිමන්නාරමට ලඟාවීම ප.ව.22 15 (2024.11.12 දින සිට)

* අංක 5004 – තලෛමන්නාරම – කොළඹ කොටුව

තලෛමන්නාරම පිටවීම පෙ.ව. 04.15 – කොළඹ කොටුව ලඟාවීම පෙ.ව.10.15 (2024.11.13 දින සිට)

Related posts

ස්නායු රෝග සඳහා මෙරට දී නිපද වු ඖෂධය වෙළෙඳපොළට

colombotoday

මෙම වසර තුළ ජනතාවට සහන පැකේජයක්

Admin

මෙරට නිෂ්පාදිත තුවක්කු දෙකක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

Admin

පාතාලයෙන් උදෙන්ම වෙඩි තැබීමක්

Admin

ඉන්ධන ගන්නත් සල්ලි අච්චුගහන්න වෙනවා..

colombotoday

ශ්‍රී ලංකා යුද හමුදාව UN සාම සාධක මෙහෙයුම්වල යෙදවීම නවත්වයි

colombotoday