පාස්කු ප්‍රහාරය මෙරට සිදු වූ ම්ලේච්ඡ ඝාතනයක් බව සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමා පවසයි.
එම ඝාතනය දේශපාලන බලය දිනා ගැනීමට භාවිත කිරීම පාස්කු වින්දියතයන්ට කරන අවමානයක් බව පියතුමා අවධාරණය කරයි.
එහෙයින් කිසි විටක පාස්කු ප්‍රහාරය දේශපාලන ජයග්‍රහණ සඳහා යොදා නොගන්නා ලෙස සියලු දේශපාලන පක්ෂවලින් ඉල්ලා සිටින බවයි, එතුමා සඳහන් කළේ.
තමන්ට උවමනා ප්‍රහාරයේ සත්‍යය දැන ගැනීම සඳහා සාධාරණ විනිවිද පෙනෙන විමර්ශනයක් බව ද සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමා වැඩි දුරටත් කීය.