Colombo Today Local News

ආගමික ස්ථාන වල ආරක්ෂාව ඉවත් කල කතා බොරු

ආගමික ස්ථානවලට ලබා දී තිබෙන ත්‍රිවිධ හමුදා සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු ආරක්ෂාව ඉවත්කර ඇති බවට පළවන පුවත් ප්‍රතික්ෂේප කරන බව ආරක්ෂක අමාත්‍යංශය පවසයි.

ඊයේ (03) පස්වරුවේ විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් ආරක්ෂක අමාත්‍යාංශයේ අධ්‍යක්‍ෂ, මාධ්‍ය හා මාධ්‍ය ප්‍රකාශක කර්නල් එම්. බී. බී. නලින් හේරත් මහතා මේ බව සඳහන් කළේය.

ප්‍රධාන පෙළේ පුවත්පතක සහ සමාජ මාධ්‍යවල මෙම අසත්‍ය පුවත පළකර ඇති බවත්, එම තොරතුරු සියල්ල X පණිවුඩයක් මගින් මේ වන විටත් ප්‍රතික්ෂේප කර ඇති බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.

යුද හමුදාවෙන් පන්සල් 89ක සෙබළුන් 1584 දෙනෙකු ආරක්ෂක සහ ඉදිකිරීම් කටයුතු සඳහා අනුයුක්ත කර ඇති බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක කේ.ඒ.එන්. රසික කුමාර මහතා අනාවරණය කළ අතර එය ආරක්ෂක විශ්ලේෂණ අනුව අඩු වැඩි විය හැකි බව ද කීය.

Related posts

“ජයලලිතාගේ අභාවය අපට පාඩුවක්“ – විපක්ෂනායක සම්බන්ධන්

colombotoday

සෞඛ්‍ය ඇමතිත් නොදන්නා ලංකාවේ පිළිකා එන්නතක මිල

colombotoday

රට බෙදන උතුරේ යෝජනාවට නැගෙනහිරින් විරෝධය.. දකුණ නිහඩයි

colombotoday

හිගුරක්ගොඩ ෆේස්බුක් සාදයකදි තරුණ තරුණියන් 83ක් අත්අඩංගුවට

colombotoday

මුස්ලිම් රටවල් වැනසූ බලවේග අප රටටද අතපොවා ඇත, එක්වී පොදු සතුරා පරදමු.. හිටපු ජනපතිගෙන් මුස්ලිම් ජනතාවට ඇරයුම්

colombotoday

IMF ලබාදෙන විසඳුම් ඇතැම් විට අප්‍රසන්න විය හැකි

Admin