Colombo Today Local News

මැ.කෝ ගේ තීන්දුවක් ශ්‍රේෂ්ඨාධිකරණය අත්හිටුවයි

කලින් ” සිංහල රාවය” නමින් හැඳින්වූ ලංකා ජාතික පක්ෂයේ කටයුතු අත්හිටුවීමට මැතිවරණ කොමිසම ගත් තීරණය අත්හිටුවීමට නියෝග කළ ශ්‍රේෂ්ඨාධිකරණය එම පක්ෂයට මෙවර මහ මැතිවරණය සඳහා තරග කිරීමට අවසර දුන්නේය.

ශ්‍රේෂ්ඨාධිකරණය මෙසේ අවසර දුන්නේ එම පක්ෂයේ මහ ලේකම් සාලික පෙරේරා මහතා ගොනුකර තිබූ පෙත්සමක් සලකා බැලීමෙන් පසුවය.

මෙම පෙත්සම වැඩ බලන අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන් වන දිලිප් නවාස් සහ ජනක් ද සිල්වා යන මහත්ම මහත්මින්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලිණි.

මෙම පෙත්සමේ වග උත්තරකරුවන් වශයෙන් මැතිවරණ කොමිසම ඇතුළු පිරිසක් නම්කරනු ලැබ සිටිති.

මෙම පක්ෂයේ සභාපති වන අක්මීමන දයාරතන හිමියන් සහ විධායක කමිටුව අතර ඇති වූ අර්බුදයක් හේතුවෙන් පක්ෂයේ කටයුතු අත්හිටුවීමට මැතිවරණ කොමිසම තීරණය කර තිබිණැයි සඳහන් වේ.

එම තීරණය නීතියට පටහැනි බවත් ඒ හේතුවෙන් තම පක්ෂයට ඉදිරි මහ මැතිවරණයට තරග කිරීමට නොහැකි වන තත්වයක් උදාවී ඇති බැවින් මෙම තීරණය බල රහිත කරන නියෝගයක් නිකුත් කරන ලෙස පෙත්සම්කරු සිය පෙත්සමෙන් ඉල්ලා සිටියේය.

පෙත්සම්කරු වෙනුවෙන් නීතිඥ හෆීල් ෆාරිස් මහතා පෙනී සිටියේය.

නීතිපති වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් යුරේෂා ද සිල්වා මහත්මිය පෙනී සිටියාය.

– රන්ජන් කටුගම්පොළ

Related posts

කාති උසාවියේ විනිසුරුවරයකු අල්ලස් ගද්දී මාට්ටු

Admin

මහවැලි ගඟේ නාඳුනන පිරිමි මළ සිරුරක්

Admin

බුද්ධි වාර්තාවලින් ගෝඨාභයගේ ජය තහවුරුයි… තවත් මඩ කප්පරක් ලෑස්තියි !

colombotoday

ලංකාවට සම්බන්ධයෙන් රටවල් හතරකින් ඒකාබද්ධ නිවේදනයක්…

colombotoday

ආගමික නායකයින්ටත් එන්නත

colombotoday

වරාය නගර පනත සම්මත වුනොත් එක රටක නීති දෙකක් ඇති වෙනවා.. අක්කර සිය ගානක් චීනයට සින්නක්කර වීම යහපාලන රජය වැළැක්වූවා

colombotoday