Colombo Today Local NewsUncategorized

නුසුදුස්සෙක් ඉවත් කරන්න පොලිස්පතිවරයාගෙන් නියෝග

ශ්‍රී ලංකා පොලිසියේ මහජන සාමය කළමනාකරණ කොට්ඨාසය භාර වැඩ බලන අධ්‍යක්ෂ ලෙස කටයුතු කරන ලද පොලිස් අධිකාරි ටී.එම්.ඒ.ජේ රොද්‍රිගෝ මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි එම තනතුරෙන් ඉවත් කර විශේෂ රාජකාරි පදනම මත ක්ෂේත්‍ර බලකා මූලස්ථානය වෙත අනුයුක්ත කිරීමට වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා නියෝග කර තිබේ.

හිටපු මහජන සාමය කළමනාකරණ කොට්ඨාස භාර නිලධාරී වශයෙන් කටයුතු කළ පොලිස් අධිකාරී ටී.එම්.ඒ.ජේ රොද්‍රිගෝ එම තනතුරට යෝග්‍ය නොවන ආකාරයට කටයුතු කළ බවට කරුණු හෙළි වීමත් සමග මෙම තීරණය ගැනීමට වැඩ බලන පොලිස්පතිවරයා ක්‍රියාකර තිබේ.

ඒ අනුව පුරප්පාඩු වූ ශ්‍රී ලංකා පොලිසියේ මහජන සාමය කළමනාකරණ කොට්ඨාශ භාර නිලධාරී ලෙස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කේ.ජේ.එස් කුමාරසිංහ මහතා පත් කිරීමට වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා කටයුතු කර තිබේ.

Related posts

තොරතුරු සගවන, තොරතුරු දැනගැනීමේ පනතේ ඇත්ත ඇති සැටියෙන් මෙන්න

colombotoday

රුපියල කඩා වැටීමෙන් බිලියන 1000කට වැඩි ණය බරක්….

colombotoday

ඥානසාර හිමිට ISIS තර්ජන. ජීවිත ආරක්ෂාව තහවුරු කරන්න. | මැඩිල්ලේ හිමි ඉල්ලති

colombotoday

නොකළ වරදකට චෝදනා කරමින් බදුල්ලේ මුස්ලිම් ව්‍යාපාරිකයා කුඩා දරුවෙකුට පිහියක් දී අත කපා ගන්න කියලා…

colombotoday

“කෘෂිකර්මයේ නිලධාරීවාදය ඇමතිවරයාවත් ග්‍රහණයට අරන්” – රාජ්‍ය ඇමති විදුරගෙන් චෝදනාවක් !

colombotoday

ඇමති කෙහෙළියට අධි චෝදනා

colombotoday