තමන් සමස්ත දේශපාලනයෙන්ම සමුගැනීමට බලා බලාපොරොත්තු වන බව හිටපු ඇමැති බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කරයි.තමන් තුළ දේශපාලනය පිළිබඳ කලකිරීමක් ඇතිවී තිබෙන බවද පැවසු ඔහු තමන් සමාජයට කළ සේවය හා රටේ ආර්ථිකය සම්බන්ධයෙන් කළ ප්‍රකාශ කිසිවක් ජනාධිපතිවරණයේදී ජනතාව පිළිගෙන නැති බවද කියා සිටියි.
එවන් තත්ත්වයක් යටතේ තවදුරටත් දේශපාලනයේ සිටිය යුතු දැයි තමන් කල්පනා කරමින් සිටින බවද පවසන ඔහු සමාජයට සේවය කිරීමට දේශපාලනයම අවශ්‍ය නැති බවද පවසයි.