Colombo Today Local News

එජාප මහලේකම් පුටුව තලතාට

එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් තනතුරට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනි තලතා අතුකෝරාළ මහත්මිය අද (ඔක්. 1) පත්කිරීමට නියමිත බව එම පක්ෂයේ ආරංචි මාර්ග පවසයි.

පිටකෝට්ටේ පිහිටි සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පැවැත්වෙන එජාප කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමේදී මෙම තීරණය ගැනීමට නියමිත බව එහි ප්‍රකාශකයෙක් පැවසීය.

ඒ අනුව, තලතා අතුකෝරාළ මහත්මිය එජාපයේ මහලේකම් ධූරයට පත්වන පළමු කාන්තාව වෙයි.

එජාපයේ මහ ලේකම් තනතුර එච්.පී. අමරසූරිය, හර්ෂ අබේනායක, සිරිසේන කුරේ, ගාමිණි විජේසේකර, සෙනරත් කපුකොටුව, තිස්ස අත්තනායක, අකිල විරාජ් කාරියවසම් හා පාලිත රංගේ බණ්ඩාර යන මහත්වරුන් මීට පෙර දරා ඇත.

ජනාධිපතිවරණයෙන් පසුව පැවත්වෙන පළමු කෘත්‍යාධාරි රැස්වීම පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පැවැත්වෙන අතර එහිදී මහ ලේකම්වරයා පත්කිරීමට අමතරව තවත් වැදගත් තීන්දු කිහිපයක් ගැනීමට නියමිත බව ද වාර්තා වෙයි.

ඉදිරි මහ මැතිවරණයට පක්ෂය මුහුණදෙන ආකාරය සාකච්ඡා කිරීමටත්, පක්ෂයේ තනතුරු කිහිපයකට පත්කිරීම් සිදුකිරීමටත් යොදාගෙන ඇතැයි ආරංචි මාර්ග පවසයි.

Related posts

දිස්ත්‍රික් මහ රෝහල් 9ක් සෞඛ්‍ය අමාත්‍යාංශය යටතට

colombotoday

හඟුරන්කෙත තරුණයා ඝාතනයට පුද්ගලයින් 9ක් අත්අඩංගුවට

Admin

නවක සාමණේර හිමිවරුන් පුහුණු කිරීමේ ජාතික වැඩසටහනක්

colombotoday

වෛරසය පෙන්නා අයේෂා රිෂාඩ්ට සහ පියාට ඇප ඉල්ලයි. | අධිකරණය ඇප ඉල්ලීම තුන්වන වරටත් ප්‍රතික්ෂේප කරයි.

colombotoday

කොළඹ කුණු අරුවක්කාලු වෙත ගෙන යන්න දෛනිකව ලක්ෂ 30 ක්

colombotoday

මහේස්ත්‍රාත්වරියකට බරපතළ වැඩ සහිතව සිර දඬුවමක්

Admin