Colombo Today Local News

TNA ගොරණාඩුවට ජනපති සැලෙයි.. වව්නියාව රණවිරු ගම්මානය මගහැර යාපනේට ගුවනින් බහී

State_Minister_declares_open_Sanhindiyawe_Sathvirugama023

 

වව්නියාව කොක්එළියේ ඉදිකරන ලද “සන්හිඳියාවේ සත්විරුගම” රණවිරු නිවාස ව්‍යාපෘතිය පසුගිය 03 වනදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ප්‍රතිලාභීන්ට ප්‍රධානය කිරීමට සියළු කටයුතු සංවිධානය කර තිබුණත් අවසාන මොහොතේ ජනාධිපතිවරයා එම අවස්ථාවට සහභාගී නොවීමට තීරණය කර ඇත.

ආරක්ෂක අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ‘අපි වෙනුවෙන් අපි’ ව්‍යාපෘතිය යටතේ වව්නියාව කොක්එළියේ ඉදිවුණු සියළු යටිතල පහසුකම් වලින් යුතු වූ මෙම නිවාස ව්‍යාපෘතිය යටතේ සංහිඳියාව වර්ධනය කිරීමේ අරමුණින් දමිළ ජාතික කාන්තා සෙබළියන් මෙන්ම දමිළ ජාතික කාන්තාවන් විවාහ කරගත් ආරක්‍ෂක අංශ සාමාජිකයින්ටද නිවාස හිමිකම් ලබාදී ඇත.

උතුරේ සිංහල ජනපද ඉදිකරණ බවට චෝදනා කරමින් ද්‍රවිඩ ජාතික සන්ධාන මන්ත්‍රී පිරිසක් පසුගිය 24 දා උතුරු පළාත් සභාවේදී මෙම නිවාස ව්‍යාපෘතියට එරෙහිව දැඩි විරෝධයක් දැක්වූ අතර සභාවේ බහුතරයක් මන්ත්‍රීවරු එම විරෝධයට සහය පලකර තිබිණි.

මෙම නිවාස ව්‍යාපෘතියට එරෙහිව දිගින් දිගටම ද්‍රවිඩ සන්ධානයෙන් විරෝධය එල්ලවීම හේතුවෙන් එය විවෘත කිරීමේ අවස්ථාවට ජනපතිවරයාගේ සහභාගී වීම අවලංගු කර ඇති අතර ජනපතිවරයා වෙනුවට එම උත්සවය රාජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයා සහ ආරක්ෂක ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. ජනපතිවරයා රැගත් හෙලිකොප්ටර් යානය කොක්එළිය රණවිරු ගම්මානය අසලින් යාපනය බලා පියාසර කර ඇති අතර එදින ජනපති සිරිසේන මහතා යාපනයේ ඉදිවූ ජෙට්වින්ග් සුඛොපභෝගී සංචාරක හෝටලය විවෘත කිරීම සහ තවත් උත්සව කිහිපයකට සහභාගී වීය.

State_Minister_declares_open_Sanhindiyawe_Sathvirugama_20160404_03p17

Related posts

දේශප්‍රේමී රණවිරුවෙකුට දඩුවම් කිරීම කෙතරම් දේශද්‍රෝහි ක්‍රියාවක්ද.. හිටපු ඇමති විජේදාස රණවිරුවා වෙනුවෙන් පෙරට

colombotoday

ගවයන් 37 ක් ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථ තුනක් පොලිස් අත්අඩංගුවට

colombotoday

මන්කිපොක්ස් මෙරටටත් පැමිණිය හැකියි..

colombotoday

ලබන මාසයේදී ඉන්ධන කෝටාව වෙනස් වෙයි

Admin

බදු දුන් ඉඩම්වල පන්කෝටි අනූ ලක්ෂයක බදු ගෙවීම් පැහැර හැරලා

colombotoday

බේස්ලයින් මාර්ගයේ දැඩි රථවාහන තදබදයක්

Admin