Colombo Today Local News

ඡන්ද ලක්ෂ 30ක් අවලංගුයි?

විදෙස්ගත ශ්‍රමිකයන්ගේ හා සිරකරුවන්ගේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා අවශ්‍ය නීති සම්පාදනය නොකිරීමෙන් මෙවර ජනාධිපතිවරණයේදී ලක්ෂ 30කට අධික ඡන්ද සංඛ්‍යාවක් ප්‍රකාශ කිරීමට නොහැකි තත්ත්වයක් නිර්මාණය වී ඇති බවට මැතිවරණ නිරීක්ෂකයෝ චෝදනා කරති.

නීති සම්පාදන ආයතනය වූ පාර්ලිමේන්තුව ඊට සෘජුවම වගකිව යුතු යැයිද මෙය මුළුමනින්ම රටේ ජන පිරිසගෙන් සැලකිය යුතු ප්‍රතිශතයකගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් යැයිද මැතිවරණ නිරීක්ෂකයෝ පවසති.

විදෙස්ගත ශ්‍රමිකයන්ගේ හා සිරකරුවන්ගේ ඡන්ද අයිතිය තහවුරු කිරීමට අවශ්‍ය නීති සම්පාදනයට පාර්ලිමේන්තුව මෙන්ම බලධාරීන්ද කිසිදු උනන්දුවක් දක්වා නැතැයි මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා මේ සම්බන්ධයෙන් කළ විමසීමේදී පැවැසීය.

සිරකරුවාගේ සහ විදේශයන්හි වෙසෙන ශ්‍රී ලාංකික පුරවැසියන්ගේ ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය මැතිවරණ දිනයේ තහවුරු කිරීම සඳහා අවශ්‍ය නීතිමය ප්‍රතිසංස්කරණ වෙනුවෙන් අඛණ්ඩව පෙලඹවීම් කළද එම විෂයට අදාළව ශ්‍රී ලංකාව කිසිදු ප්‍රගතියක් ලබා නොමැති යැයි රත්නායක මහතා කීය.

ඒ අනුව මෙවර ජනාධිපතිවරණයත්් මෙතෙක් පැවැති නීති රාමුව තුළම පැවැත්වෙනු ඇතැයි කී හෙතෙම මැතිවරණ කොමිසමට ඒ සම්බන්ධයෙන් ගත හැකි පියවරක් නැතැයිද කීය.

Related posts

රජය අඩුකළ බෙහෙත් මිළ යළි වැඩි කරයි.. පිය-පුතු අනුග්‍රහයෙන් බාල බෙහෙත් සමාගම් ගොඩ යයි

colombotoday

යාපනය නාවක්කුලි සිංහල ගම්මානයේ චෛත්‍ය ඉදිකිරීම තහනම් කරයි

colombotoday

යාපනයේදී සොරකමේ ගියැයි තරුණයෙකුට ප්‍රදේශවාසීන් පහරදී පොලීසියට භාර දෙයි

colombotoday

නෝර්වේ මිතුරා දැන් උතුරේ.. විග්නේෂ්වරන්, සම්බන්ධන් සමග සංහිදියා සාකච්ඡා

colombotoday

කොවිඩ් වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානයේ වෙනසක්

colombotoday

“මට සුපිරි එන්ජිමක් තියනවා, සුපිරි ඩයිනමෝවක් තියනවා” – සජිත්

colombotoday