Colombo Today Local News

“ගොවි සමුළුවට කීයක් ගියත් කමක් නෑ.. මේක සැණකෙළියක් නෙවෙයි” – ජනපති

කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්ර සම්මන්ත්‍රණ ශාලාවේදී ඊයේ (06) පැවති ජාතික වාර් ගොවි සම්මේලනය සදහා දරා ඇති වියදම සම්බන්ධයෙන් එල්ලවන චෝදනාවලට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එම සමුළුවේදී ප්‍රතිචාර දක්වූවා.

ජනාධිපතිවරයා එහිදී සදහන් කළේ “මේක ගොවි මහත්වරුන්ගේ සැණකෙළියක් නෙමෙයි. මේක කානිවල් එකක් නෙමෙයි. මේක සංගීත සංධ්‍යාවක් නෙමෙයි. මේ රටේ දුක්විඳින ගොවි ජනතාවගේ සැබැ ප්‍රශ්න සාකච්ඡා කරමින් ඒවාට විසඳුම් ලබාදෙන ගොවි සමුළුවක් මේක. ඒක නිසා මේකට කොච්චර වියදම් වුණත් කමක් නෑ.. ඒ ගොවි ජනතාව වෙනුවෙන්. මොකද මේ වගේ සමුළු මීට කලින් මේ භූමියෙ පවත්වලා නැහැ” යනුවෙනි.

විචේචන කරන වැඩි පිරිසක් වැඩ නොකරන අය බවද, විවේචන වලට බිය නොවී තමන් තවදුරටත් ජනතා සේවයේ යෙදෙන බවද ජනාධිපතිවරයා එහිදී අවධාරණය කළා.

Related posts

රතන හිමිගේ මන්ත්‍රීධුරය අහෝසියි?

colombotoday

ලොතරැයි පත් අලෙවිය සියයට 40කින් පහළට

colombotoday

ගිලන්රථයක ගැටී 9 හැවිරිදි දරුවෙක් ජීවිතක්ෂයට

Admin

පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව අරලියගහ මන්දිර නාට්‍යයක් – ජනපති කියයි

colombotoday

අම්පාර අට්ටාලචේනයේදී රිශාඩ් හකිම් කඩුවලින් ගැටෙති

colombotoday

ස්වර්ණවාහිනිය විකුණා ජනපති කොටු කරන තැතක්.. ගනුදෙණුව යට දූෂිත ඇමතියෙක් !

colombotoday