Colombo Today Local News

හක්මන 21 හැවිරිදි තරුණයාගේ ඝාතකයා අත්අඩංගුවට

හක්මන ප්‍රදේශයේ සිදුවූ ඝාතනයට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ සැකකරු 46 හැවිරිදි වියේ පසුවන හක්මන කහටගහකොරටුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

හක්මන, කහටගහකොරටුව ප්‍රදේශයේ දී 21 හැවිරිදි තරුණයෙකු ඊයේ (15) දින තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර තිබුණා.

පැරණි අමනාපයක් මත ඔහුගේ බාප්පා විසින් එම ඝාතනය සිදුකර ඇති බව සිදුකළ විමර්ශනවලදී අනාවරණය වූ අතර එම ඝාතනයට සම්බන්ධ සැකකරු ප්‍රදේශයෙන් පළාගොස් ඇති අතර ඊයේ රාත්‍රියේ හක්මණ ගල්කන්ද ප්‍රදේශයේ දී ඔහු අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කළා.

සිද්ධිය සම්බන්ධයෙන් හක්මණ පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

Related posts

රංජන් ජනපතිට රහසින් ලියපු ලියුම

Admin

වෙන් කළ දුම්රිය ආසන ගාස්තු අගෝස්තු 1 සිට ඉහළට

colombotoday

කොටි සැමරුමට ඉඩ ඉල්ලූ පෙත්සම් 4ක් ප්‍රතික්ෂේපයි.

colombotoday

කුරුඳු ඉඩමකින් ටි 56 උණ්ඩගෙදර ගෙනා සිසුවා පොලිස් අත්අඩංගුවට

Admin

ගුවන් සමාගමෙන් තෙල් සංස්ථාව ඩොලර් ඉල්ලයි

colombotoday

විමල්ට, දිනේෂ්ට, ඩලස්ට, උදයට මැයි 1 දා ශාලිකා පිටිය තහනම්

colombotoday