Colombo Today Local News

නීතිවිරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩලීමට විශේෂ මෙහෙයුම්

මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩලීමේ යුක්තිය මෙහෙයුමට සමගාමීව ජංගම දුරකථන ඔස්සේ මුදල් ගෙවීමට යොදා ගන්නා ක්‍රමවේදයන් භාවිත කරමින් සිදුකරන නීතිවිරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩලීමට විශේෂ වැඩපිළිවෙළක් පොලීසිය ආරම්භ කර තිබේ.

මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩලීමේ යුක්තිය මෙහෙයුමට සමගාමීව එම මෙහෙයුම ඊයේ (06) සිට එළඹෙන 10 වනදා දක්වා ක්‍රියාත්මක කර ඇත.

ඒ අනුව, පුද්ගලයින් 198 දෙනෙකුගෙන් තොරතුරු ලබාගෙන ඇති අතර ඒ ඊයේ දිනය තුළ ජංගම දුරකථන ඔස්සේ මුදල් ගෙවීමට යොදා ගන්නා ක්‍රමවේද භාවිත කරමින් නීතිවිරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම් සිදු කරනු ලබන පුද්ගලයින්ය.

මොවුන් සම්බන්ධයෙන් සිදුකරන ලද වැඩිදුර විමර්ශනවලදී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 18 දෙනෙකු සම්බන්ධයෙන් බැංකු ගිණුම් වාර්තා ඔස්සේද, තවත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 71 දෙනෙකු සම්බන්ධයෙන් දුරකථන කුලුනු විශ්ලේෂණ වාර්තා ඔස්සේද පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මගින් වැඩිදුර විමර්ශන සිදුකරන බව පොලීය පවසයි

Related posts

විපක්ෂනායක ධූරයට රනිල් පාර්ලිමේන්තුවට?

Admin

ශ්‍රී ලංකා මහ බැංකුවට ඉන්දියාවෙන් ඇ.ඩො. කෝටි 400 ක්

colombotoday

චන්දිමාල්ගේ උපන්දින සාදයට එක්වූ තවත් 6දෙනෙක් අත්අඩංගුවට

colombotoday

කටුගස්තර වෙඩි තැබීමේ වැඩිදුර විස්තර

Admin

“රැදවුම්භාරයේ ඉන්න අලි පෙරහැරට දෙන්නෙ නෑමයි.. අනාථාගාර හදල බෝ කරල දෙනව” සජිත්

colombotoday

බංග්ලාදේශය එකට එක කරයි.. ගුවන්තොටේදී ශ්‍රීලාංකිකයන්ට වීසා නිකුත් කිරීම අත්හිටවයි !

colombotoday