Colombo Today Local News

අල්ලස් ලබාගෙන කොටු වූ සෞඛ්‍ය අමාත්‍යාංශයේ සේවකයා

අල්ලස් මුදලක් ලබාගැනීමේ චෝදනාව යටතේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රවාහන අංශයේ සේවයේ නිරත රාජ්‍ය කළමනාකරණ සහකාරවරයෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ගලිගමුව බෝයගම ප්‍රදේශයේ පුද්ගලයෙකු විසින් සිදුකරන ලද පැමිණිල්ලකට අනුව සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

ඔහුට එරෙහිව එල්ලවී ඇති චෝදනාව වාහනයක් අසාදු ලේඛනයෙන් ඉවත් කර වාර්තාවක් ලබාදීම සඳහා රුපියල් 80,000ක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා එය ලබාගැනීම ඔහුට එරෙහිව එල්ලවී ඇති චෝදනාවයි.

ඊයේ (03) පස්වරු 1.05ට පමණ සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිට ප්‍රධාන මාර්ගයේදී සැකකාර රාජ්‍ය කළමනාකරණ සහකාරවරයාව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත

Related posts

ඔඩ්ඩුසුඩාන් කම්හලේ වැඩ DSI සමාගම ආරම්භ කරයි

colombotoday

චීන පොහොර නැවට ඩොලර් මිලියන 6.9ක් ගෙවයි

colombotoday

එල්ලන්න යැවූ සිරකරුවන්ගේ විස්තර මුදා හරින්න නියෝග

colombotoday

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට කැබිනට් අනුමැතිය

colombotoday

මහනුවර ඇසළ මහා පෙරහර මංගල්‍යයේ පළමු කුඹල් පෙරහර අද

colombotoday

“පන්සල් ඉවත් කරනු.. සිංහලයන් පන්නනු.. සටනට සැරසෙනු !“ – උතුරේ සංහිදියා අත්පත්‍රිකා

colombotoday