Colombo Today Local News

පරිභෝජනයට නුසුදුසු කෝටි 15ක පාන්පිටි තොගයක් වටලයි

කැකිරාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසන්නේ මිනිස් පරිභෝජනයට නුසුදුසු රුපියල් කෝටි 15ක් පමණ වටිනා පාන්පිටි ඇතුළු පාරිභෝගික භාණ්ඩ තොගයක් ගනේවල්පොළ ප්‍රදේශයේ ගබඩාවක සඟවා තිබියදී සොයාගත් බව යි.

එහි ප්‍රකාශකයෙකු සඳහන් ක‍ළේ, මෙම භාණ්ඩ වෙළෙඳපොළට නිකුත් කිරීමට සූදානම් කර තිබු බවය.

එහි කිලෝ 25 සහ 50 පාන් පිටි ඇසුරුම් 10,000කට අධික ප්‍රමාණයක් තිබී සොයාගත් බව එම ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කළේය.

ඊට අමතරව මිනිස් පරිභෝජනයට නුසුදුසු පරිප්පු තොගයක්ද එහි තිබී සොයාගෙන තිබේ.

කැකිරාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට ලද තොරතුරක් මත එහි නිලධාරීන් සිදුකළ ක්ෂණික වැටලීමකදී මෙම භාණ්ඩ තොගය සොයා ගෙන තිබේ.

සෞඛ්‍ය බලධාරීන් සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ පාන් පිටි තොගයට මෙම ස්ථානයේදී විෂ ද්‍රව්‍ය යොදා එහි සිටි ගුල්ලන් මර්දනය කර යළි සකසා කල් ඉකුත්වීමේ දින වෙනස් කර අලුතින් මුද්‍රණය කර නව ඇසුරුම්වල නැවත අසුරා යළි බෙදා හැරීමට සූදානම්ව තිබී ඇති බවයි.

මහනුවර ප්‍රදේශයේ පුද්ගලයෙකු මෙම ගබඩාව පවත්වාගෙන ගොස් ඇති අතර ඔහු සහ එහි සිටි තවත් පුද්ගලයෙකුට එරෙහිව නඩු පැවරිමට පියවර ගත් බව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ ප්‍රකාශකයා පැවසුවේය.

Related posts

“දුරකථන ගාස්තු වැඩිවුණේ සුළු ගානකින්නෙ.. ඒක ජනතාවට දැනෙන්නෙවත් නෑ” – ඇමති හරීන්

colombotoday

විශේෂ බළකා රෙජිමේන්තු අධිපති ධුරය හමුදාපති ශවේන්ද්‍රට !

colombotoday

මිරිහානේ යුවලක් අභිරහස් ලෙස මියයයි

Admin

විදුලි ගාස්තු ඉහළ දමන්නේ වැරදි තොරතුරු මත… ලංවීම මාස දෙකක් තුළ බිලියන අටහමාරක ලාභයක් ලබලා

Admin

ඤාණසාර හිමි සිරගත කිරීම ගැන ජනතාව කියන කතා මෙන්න (Video)

colombotoday

බැදුම්කර කොමිසමෙන් අගමැතිට ප්‍රශ්න පත්‍රයක් !

colombotoday