World

රුසියාවෙන් එක් දිනකදී පමණක් මිසයිල ප්‍රහාර 90ක් – යුක්‍රේන ජනපති

ගතවූ දින රාත්‍රියේ රුසියාව විසින් යුක්‍රේනයට මිසයිල ප්‍රහාර 90ක් හා ඩ්‍රෝන ප්‍රහාර 60ක් පමණ එල්ල කර ඇති බව යුක්‍රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි ප්‍රකාශ කර ඇත.

එරට දෙවන විශාලතම නගරය වන කාර්කිව් නගරයට පමණක් ප්‍රහාර 15ක් එල්ල වී ඇති අතර නගරය පුරා නිවාස 53,000කට විදුලිය විසන්ධි වී ඇති බව බලධාරීන් සඳහන් කර ඇත.

තම රටේ බලශක්ති පද්ධතිය බිඳ දැමීමට රුසියාව උත්සහා දරන බව මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් යුක්‍රේන බලශක්ති අමාත්‍ය ජර්මන් ගැලුශෙන්කෝ ප්‍රකාශ කර තිබිණි.

විදුලි සැපයුම් පද්ධති ඉලක්ක කරගනිමින් රුසියාව විසින් එල්ල කළ මිසයිල ප්‍රහාර හේතුවෙන් යුක්‍රේනයේ ප්‍රදේශ රැසක විදුලිය විසන්ධිවීම් සිදුව තිබේ.

Related posts

සීමා ලිහිල් කල චීනයේ නගර කිහිපයකින් නැවතත් කොරෝනා රෝගීන් වාර්තා වෙයි.

colombotoday

මානව හිමිකම් හොයන්න එන UN නියෝජිතයන්ට මියන්මාරය දොර වසයි !

colombotoday

2021 විශ්ව රූ රැජින කිරුළ ඉන්දියාවට

colombotoday

සුඩානයේ පැය 24ක සටන් විරාමය අසාර්ථක වෙයි

Admin

කොරෝනා එන්නත් ප්‍රතික්ෂේප කරන්නන් සිර බාරයට

colombotoday

මුස්ලිම් අන්තවාදී ප්‍රහාර දරුණු වේ – දකුණු තායිලන්තයේ භික්ෂුන් වහන්සේලාට දැඩි තර්ජන

colombotoday