Colombo Today Local News

අස්වැසුම අයැදුම්පත් භාරදීම අදින් අවසන්

අස්වැසුම යෝජනා ක්‍රමයේ දෙවැනි වටය සඳහා අයැදුම්පත් භාරදීමට දී තිබූ කාලය අදින්(22) අවසන් වෙයි.

Online ක්‍රමයට මේ වනවිට ඒ සඳහා අයැදුම්පත් දෙලක්ෂ 50,000 ක් පමණ ලැබී ඇති බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති ජයන්ත විජේරත්න මහතා පැවසුවේ ය.

ඊට අමතරව ප්‍රදේශීය ලේකම් කාර්යාලවලට තවත් පිරිසක් සිය අයැදුම්පත් භාර දී ඇති බව ඔහු ප්‍රකාශ කළේ ය.

අස්වැසුම යෝජනා ක්‍රමයෙන් ප්‍රතිලාභ ලබන පිරිස මේ වනවිට ලක්ෂ 16 කට අධිකයි.

හැඳුනුම්පත් නොමැතිවීම ඇතුළු ලියකියවිලිවල ගැටලු හේතුවෙන් තවත් ලක්ෂ තුනකට අධික පිරිසකට අස්වැසුම ලබා දීමට මෙතෙක් නොහැකි වී ඇති බව ඔහු ප්‍රකාශ කළේ ය.

Related posts

බෝග වගාවන්ට වනසතුන්ගෙන් සිදුවන හානිය අවම කිරීමේ වැඩ පිළිවෙළක්

colombotoday

සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ පහසු කිරීමට මහ බැංකුවෙන් අලුත් දෙපාර්තමේන්තුවක්

colombotoday

Airtel 3G ජංගම දුරකථන ජාලය අක්‍රීය කිරීමට අවසර

colombotoday

ඉන්ධන ගන්න ඉන්දියාවෙන් ඩොලර් මිලියන 500ක්

colombotoday

මහින්ද මයිත්‍රී රහස් හමුවක්. එන ජන්දෙට දෙපාර්ශවය පුටුවෙන් ?

colombotoday

සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ තුනක මිල තවදුරටත් අඩු කරයි

Admin