Colombo Today Local NewsUncategorized

ක්‍රීඩා උත්සව අවුරුද්දෙන් පසුව පැවැත්වීමට උපදෙස්

අධ්‍යාපන අමාත්‍යංශය විදුහල්පතිවරුන්ට දැනුම්දී තිබෙන්නේ පවතින අධික උණුසුම් සහිත කාලගුණික තත්ත්වයත් සමඟ පාසල් නිවාසාන්තර ක්‍රීඩා උත්සව අප්‍රේල් අලුත් අවුරුදු නිවාඩුවෙන් පසුව පවත්වන ලෙස .

ඊට අදාළ චක්‍රෙල්ඛය අද (18) නිකුත්කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා ප්‍රකාශ කළේය.

“මීට කළින් නිවේදනයක් නිකුත් කළා. නමුත් අද නිවේදනයක් නිකුත් කරනවා පළාත් බලධාරීන් හරහා පාසලවලට. ක්‍රීඩා උත්සව අවුරුද්දෙන් පස්සට කල් දාන්න කියලා. මොකද ඒ වෙනකොට තත්ත්වය මීට වඩා වෙනස් වෙන්න පුළුවන්. ප්‍රථම වාරය ඉවර වෙන්න අවුරුද්දෙන් පස්සෙත් තව සති දෙකක් විතර තියෙනවා. අපි මේ අවස්ථාවේ වැඩි අවධානයක් යොමු කරන්න ඕනේ දරුවන්ගේ ආරක්ෂාව දෙසට”

මේ අතර, අද පෙරවරු 5.30ට අවසන් වූ ගතවූ පැය 24 තුළදීත් වැඩිම උෂ්ණත්වය සෙල්සියල් අංශක 38.3ක් ලෙස කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් වාර්තා විය.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ වයඹ, උතුරු මැද, නැගෙනහිර, බස්නාහිර පළාත්වලත් මොනරාගල, මන්නාරම, රත්නපුර, වව්නියාව දිස්ත්‍රික්කවලත් ඉදිරි දින කිහිපයේදීත් අවධානය යොමුකළයුතු මට්ටමේ උණුසුම් කාලගුණයක් පවතින බව ය.

සාමාන්‍ය මිනිස් ශරීරයක පවතින උෂ්ණත්වය සෙල්සියල් අංශක 37ක් වන අතර පාරිසරික උෂ්ණත්වය ශරීර උෂ්ණත්වය අභිබවා යාම හේතුවෙන් අද පෙරවරුවේත් ශරීරයට දැනෙන උණුසුම් තත්ත්වයක් පැවතුණි.

පවතින උෂ්ණාධික කාලගුණ තත්ත්වය දරුවන් සහ වැඩිහිටි රෝගී පුද්ගලයන් කෙරෙහි සෘජුවම බලපෑම් ඇතිකර තිබිණි

Related posts

එරාවුර් නගරයේ දෙමළ කඩ 6කට අන්තවාදී ප්‍රහාරයක්.. පොලිස් ආරක්ෂාව තර කරයි

colombotoday

කාබනික වගාව වසර 5ක් කරනවා. කුඹුරු අක්කරයක් වවන්න යන්නේ රු. 14400 යි. | ක්ෂේත්‍ර නිළධාරීණී කේ.සී.එම්.අනූෂා සංජීවනී

colombotoday

රනිල් වෙනුවට ජනාධිපති අපේක්ෂකත්වයට එජාපයෙන් මූණු තුනක්… ගෝඨා ආවොත් සටනට චම්පික…

colombotoday

පාස්කු කොමිෂන් වාර්තාවේ වගකීම කොහෙත්ම අපි භාරගන්නේ නෑ – ඇමති කෙහෙළිය

colombotoday

රංගේ, වසන්ත, සිඩ්නිට කැබිනට් නොවන ඇමතිකම්…

colombotoday

දොඩම්පහල හාමුදුරුවෝ රනිල් වෙනුවෙන් පෙරට

Admin