1 April 2025
Colombo Today Local News

හරක් කටා රක්ෂිත බන්ධනාගාරයට

කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතාගේ නියෝගය පරිදි කොළඹ මහාධිකරණයට ඉදිරිපත් කළ නඳුන් චින්තක නොහොත් හරක් කටාව අප්‍රේල් 26 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙන බව අප වාර්තාකරු පැවසුවේය.

ඒ අනුව හරක් කටාව තංගල්ලේ පැරණි බන්ධනාගාරයට රැගෙන ගොස් තිබේ.

දින 362ක කාලයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවා ගෙන ප්‍රශ්න කෙරුණු මෙරට තුළ සංවිධානාත්මක අපරාධ සහ
කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුනෙ මත්ද්‍රව්‍ය ජාලය මෙහෙය වූ නඳුන් චින්තක නොහොත් “හරක් කටා” අද රැඳවුම් නියෝග අවසන් කිරීමෙන් පසුවයි.

විදේශගතව සිට මෙරට තුළ සංවිධානාත්මක අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාලය මෙහෙය වූ නඳුන් චින්තක නොහොත් “හරක් කටා” ඩුබායිහීදී අත්අඩංගුවට ගනු ලැබුවේ 2022 වසරේ අගෝස්තු මසදීය.

කෙසේවෙතත් ඔහුව මෙරටට ගෙන්වාගැනීමට සිදුකළ යුතු උදර්පන කටයුතු විධිමත්ව සිදුනොවීම හේතුවෙන් ඩුබායි පොලීසිය හරක් කටාව මුදාහැර තිබිණි.

අනතුරුව 2023 මාර්තු 7 වැනිදා මැඩගස්කරයේ දී “හරක් කටා” සහ සළිඳු මල්ෂික නොහොත් “කුඩු සළිඳු” ඇතුළු 7දෙනෙකු යළි අත්අඩංගුවට පත්වූ අතර ඔවුන් දිවයිනට රැගෙන ආවේ 2023 වසරේ මාර්තු 15 වැනිදාය.

එතැන් සිට ඔවුන් දෙදෙනා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ රැඳවුම් භාරයේ රඳවාගෙන ප්‍රශ්න කෙරුණේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ විධිවිධාන ප්‍රකාරවය.

එලෙස CIDය භාරයේ රඳවා සිටින අතරතුර හරක් කටා ඉන් පැනයාමට උත්සාහ කළ අතර එය ව්‍යර්ථ කිරීමට ආරක්ෂක අංශවලට හැකියාව ලැබී තිබින.

කෙසේවෙතත් රැඳවුම් නියෝග අවසන් කිරීමෙන් පසු “හරක් කටා” සහ “කුඩු සළිඳු” අද පෙරවරුවේ කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරියා වෙත ඉදිරිපත් කෙරුණි.

ඉන් පසුව ඔවුන් දෙදෙනා අධිකරණ කටයුතු සඳහා රැගෙන යනු ලැබීය.

මේ අතර සලිඳු මල්ෂිත හෙවත් කුඩු සළිඳු අද පෙරවරුවේ පානදුර මහේස්ත්‍රාත් අධිකරණය වෙතය ඉදිරිපත් කලේය.

Related posts

ජෝන් ඇමතිට හූ කියූ තිදෙනෙක් අත්අඩංගුවට !

colombotoday

බදුල්ලේදී මගී ප්‍රවාහන බස් රථය ප්‍රපාතයකට පෙරළෙයි

Admin

විග්නේෂ්වරන් උතුරට එක්සත් ජාතීන්ගේ හමුදා මැදිහත්වීමක් ඉල්ලයි

colombotoday

‘නබිතුමාණන් විශිෂ්ඨ ආගමික ශාස්තෘවරයෙකි, එතුමා ආදර්ශයට ගෙන උතුම් සමාජයක් හදමු’ – අගමැති

colombotoday

මෛත්‍රී ජනපති ධුරයට සමු දෙයි !

colombotoday

පුත්තලමේ එච්අයිවී අවදානමක් ! සමාජ රෝගීන් තොගයක් සොයාගනී… වැඩි පිරිසක් සමලිංගිකයන්

colombotoday