Colombo Today Local News

කොළඹ – බදුල්ල මාර්ගයේ බස් ලොරි අනතුර

කොළඹ – බදුල්ල ප්‍රධාන මාර්ගයේ බලංගොඩ ඇල්ලෙපොළ ප්‍රදේශයේදී අද (05) උදෑසන බස් රථයක් සහ ලොරි රථයක් එකිනෙක ගැටීමෙන් සිදු වූ අනතුරකින් ලොරි රථයේ රියදුරු බරපතළ තුවාල ලබා බලංගොඩ මුලික රෝහලට ඇතුළු කර තිබේ.

බදුල්ල සිට කොළඹ දක්වා ධාවනය ⁣වෙමින් තිබු හෝමාගම ඩිපෝවට අයත් ශ්‍රී ලංගම බස් රථයක එම ලොරි රථය ගැටී මෙම අනතුර සිදුව ඇතැයි පොලීසිය කීය.

අනතුර සිදුවෙන අයුරු ඒ අසල තිබූ CCTV කැමරාවක සටහන්ව තිබූ නිසා බස් රථයේ රියදුරු සැකපිට අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ ආරම්භ කර ඇතැයි පොලීසිය පවසයි.

.

Related posts

පොහොට්ටුවේ කණ්ඩායම් රැස්වීමක්

colombotoday

පාසල් දරුවන්ට විකිණීමට ගෙනා බාබුල් කිලෝ 13ක් සමග 5ක් මාට්ටු…

colombotoday

දැදුරුඔය ජලාශයේ වාන් දොරටු 04ක් අරී…

Admin

දමිතා අබේරත්න සහ ඇයගේ සැමියා CID අත්අඩංගුවට

Admin

සපුගස්කන්ද මත්ද්‍රව්‍ය ජාවාරමට ගෑවුණු CCD නිලධාරියා අතුරුදන්

colombotoday

මානව හිමිකම් කොමිසමේ සභාපතිනිය ඉල්ලා අස්වේ !

colombotoday