මොනරාගල ප්රදේශයේ පාසලක විදුහල්පතිවරයෙකු කාන්තාවකට අතවර කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන තිබේ.
ඊයේ (03) රාත්රීයේදී දොඹගහවෙල පොලීසිය විසින් සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
මෙලෙස සැකකාර විදුහල්පතිවරයා අතවර කිරීමට උත්සාහ කර ඇත්තේ පාසලේ ආපන ශාලාවේ සේවයේ නිරතව සිටි කාන්තාවකට බව වාර්තා වේ.
අත්අඩංගුවටගත් සැකකාර විදුහල්පතිවරයා අද (04) මොනරාගල මහෙස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.