Colombo Today Local News

ඉන්ධන මිල සංශෝධනයක් අද

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කළේ පෙබරවාරි මස අග දී මිල සංශෝධනයක් සිදුවිය යුතු වුවද එය අද (04) රාත්‍රියේ ඉන්ධන මිල ගණන් සංශෝධනයක් සිදුවනු ඇති බව වාර්තා වේ.

කෙසේවෙතත් අද දිනයේ දී ඉන්ධන මිලෙහි විශාල වෙනසක් සිදුනොවනු ඇති බව ද වාර්තා වේ.

ඉන්ධන මිල සුත්‍රයට අනුව මාසිකව ඉන්ධන මිල සංශෝධනය කිරීමට සංස්ථාව පියවර ගෙන තිබේ.

ඒ අනුව අවසන් වරට පසුගිය ජනවාරි මස 31 වන දා ඉන්ධන මිල ගණන් සංශෝධනය වු අතර ඔක්ට්‍රේන් 92 පෙට්‍රල්, ඔක්ටේන් 95 පෙට්‍රල්, සුපර් ඩීසල් සහ භූමිතෙල් මිල ඉහළ ගියේය.

මේ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි විදුලි බල සැපයීම සම්බන්ධ සියලු සේවාවන් හා ඛනිජ තෙල් නිෂ්පාදන හා ඉන්ධන සැපයීම හෝ බෙදාහැරීම අත්‍යවශ්‍ය සේවාවන් බවට පත් කරමින් ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.

ජනාධිපතිවරයාගේ අණ පරිදි ජනාධිපති ලේකම් සමන් ඒකනායක විසින් ඊයේ (03) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි මෙම ගැසට් පත්‍රය නිකුත් කර ඇති බව සඳහන්ය.

මේ අතර ඉන්ධන බෙදුම්කරුවන්ගේ මාසික වට්ටම් මුදලින් සියයට 35ක පරිහරණ ගාස්තුවක් අයකර ගැනීමට ලංකා ඛනිජ තෙල් සංස්ථාව අද සිට කටයුතු කිරීමට නියමිත බව ඉන්ධන බෙදුම්කරුවන්ගේ සංගමය චෝදනා කරයි.

නමුත් එමඟින් බෙදාහැරීමේ කටයුතු සඳහා දෛනිකව දරණ වියදම් අවරණය කරගැනීමට පවා නොහැකි තත්ත්වයක් උදාවන බව එම සංගමයේ සභාපති ශෙල්ටන් ප්‍රනාන්දු මහතා පැවසුවේය

Related posts

‘විශ්ව බුද්ධ’ යලි රක්ෂිත බන්ධනාගාරයට

Admin

(VIDEO) වික්ටෝරියා බලාගාරයේ නළයක කාන්දුවක් – විදුලි කප්පාදුවක් අතලඟ?

colombotoday

එජාප සන්ධානයේ නම – ලකුණ අද

colombotoday

නව වසරේ දින 9ක් තුළ ඩෙංගු රෝගීන් 247 ක්

colombotoday

පාස්කු ප්‍රහාරය : කොච්චිකඩේ දේවස්ථානයේදී මරාගෙන මැරුණු අලඩීන් මොහොමඩ් මුවත්ගේ පියා සියලු චෝදනාවලින් නිදහස්

colombotoday

රන්ජන් එජාපයෙන් තාවකාලිකව පන්නයි !

colombotoday