පානදුර විශේෂ අපරාධ විමර්ශන ඒකකය විසින් කැනඩා යවන බව පවසමින් රුපියල් ලක්ෂ 50 කට අධික මුදලක් වංචාකල ද්විත්ව පුරවැසි භාවය සහිත කාන්තාවක අත්අඩංගුවට ගෙන තිබේ.
ඇය කැනඩාවේ ගණකාධිකාරි වරියක් ලෙසින් සේවය කරන බවත්, මාළඹේ ප්‍රදේශයේ පදිංචි කාන්තාවක බවත් පොලිසිය කීය.
පානදුර පොලිස් අධිකාරී කාර්යාලයට පැමිණිලි හතරක් ලැබී ඇති බවත් දිවයිනේ තවත් පොලිස් ස්ථාන රෑසකට පැමිණිලි ලැබී ඇති බවත් උසස් පොලිස් නිළධාරීයෙක් කීය.
සැකකාරිය වසර අටක පමණ කාලයක් පොලිසිය මගහරිමින් සැගව සිට ඇති අතර වෙනත් පොලිස් කටයුත්තක් සදහා යමින් සිටියදී මාළඹේ ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇති බවත් පොලිසිය සදහන් කරයි.