Colombo Today Local News

48ක කාන්තාවකට කැත්තකින් පහරදී ඝාතනය කරයි

ඊයේ (23) රාත්‍රියේ වාලච්චේන පොලිස් වසමේ කුලාවඩිච්චේන ප්‍රදේශයේ දී කැත්තකින් පහර දී කාන්තාවක් ඝාතනය කර තිබේ.

මරණකාරිය වයස අවුරුදු 48ක කුලාවඩිච්චේන – වාකනේරි ප්‍රදේශයේ පදිංචිකාරියක් බව වාර්තා වේ.

පෞද්ගලික ආරවුලක් හේතුවෙන් මරණකාරියගේ දියණියගේ පුරුෂයා විසින් මෙම පහර දීම සිදු කර ඇති බව අනාවරණය වී ඇත.

සැකකරු ප්‍රදේශයෙන් පළා ගොස් ඇති අතර, ඔහු ඉකුත් පෙබරවාරි 10 වැනි දා මරණකාරියගේ පුරුෂයාට පොල්ලකින් පහර දී ඝාතනය කළ සිද්ධියකට අදාළ ව සිරගත ව සිට ඇප මත නිදහස ලබා සිටි අයෙකු බවට වාර්තා වේ.

සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා වාලච්චේන පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

Related posts

පුදුකුඩිඉරිප්පුවෙන් අත්බෝම්බ 18 ක් සොයාගනියි

colombotoday

ඝනපූර්ණය නැතිව පාර්ලිමේන්තුවේ කටයුතු නවතී

Admin

බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලාංකීය ප්‍රජාවට තිළිණ වන නවතම පුවත් කළාපය Ceylon UK News අද සිට

colombotoday

පාර්ලිමේන්තු ප්‍රධාන පිවිම් මාර්ග දෙක තාවකාලිකව වැසේ..

colombotoday

“සුළු ජාතීන්ට අසාධාරණයක් වෙලා.. ඔවුන් නොසතුටින් නිසා මූහුණුවල ලේ බිදුවක් පේන්න නෑ” – ජනපති

colombotoday

තෙවරප්පෙරුම ඇතුළු පස් දෙනාට ඇප

colombotoday