Colombo Today Local News

ඇමරිකාව නැවතත් සද තරනණයේ

අමෙරිකාවේ Intuitive machines සඳ මත සාර්ථකව අභ්‍යවකාශ යානයක් ගොඩබැස්වූ පළමු පෞද්ගලික සමාගම ලෙස ඉතිහාසයට එක්විය.

ඒ, ඔඩිසියස් නමැති යානය, සඳේ දක්ෂිණ ධ්‍රැවය වෙත ගොඩ බස්වමින් ය.

අමෙරිකානු යානයක්, සඳට මතට ගමන් කළේ වසර 58 කට පසු වීම විශේශත්වයකි.

ෆ්ලෝරීඩා ප්‍රාන්තයේ කෙනඩි අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් අදාළ යානය රැගත් ෆැල්කන් 9 රොකට්ටුව අභ්‍යවකාශ ගත කෙරුණේ පසුගිය 15 වැනිදා ය.

මිනිසුන් රහිත එම යානය යොමු කර ඇත්තේ, සඳ මතුපිට අධ්‍යයනය කිරීමේ අරමුණින් ය.

රේඩියෝ තරංග මැනීමට උපකාර වන විද්‍යාත්මක උපකරණ 6 ක් ඉන් රැගෙන ගිය බව, නාසා ආයතනය නිවේදනය කළේ ය.

අමෙරිකානු චිත්‍ර ශිල්පී ජෙෆ් කූන්ස් විසින් නිර්මාණය කරන ලද කුඩා මූර්ති 125 ක් ද, ඔඩිසියස් යානය සඳ මතට රැගෙන ගියේ ය.

ඒ අනූව ඒවා සඳ මතට රැගෙන ගිය පළමු කලා කෘති ලෙස ඉතිහාසයට එක්වනු ඇතැයි නාසා ආයතනය පවසයි.

නාසා ප්‍රධානී බිල් නෙල්සන් සඳහන් කළේ අඩ සියවසකට වැඩි කාලයක් සාර්ථක සඳ මෙහෙයුමක් දියත් නොකළ නාසා ආයතනයට සහ අමෙරිකානුවන්ට අද ඓතිහාසික දිනයක් වන බවයි.

Related posts

දැරියකට ලිංගික අතවර විදුහල්පතිට වසර 30ක සිර දඩුවමක්

Admin

“එකම යුධ විරුවා රනිල් වික්‍රමසිංහයි.. ඔහුගේ නම මහාවංශයෙත් ලිවිය යුතුයි“ – වික්‍රමබාහු

colombotoday

මැතිසබයේ උණුසුම් තත්ත්වයක්

Admin

සෞඛ්‍ය සේවකයෝත් විරෝධයේ

colombotoday

පරිභෝජනයට නුසුදුසු කෝටි 15ක පාන්පිටි තොගයක් වටලයි

Admin

පුංචි ජන්දය තවත් මාස 6කින් කල් යයි

colombotoday