Colombo Today Local NewsUncategorizedWorld

සිර කරුවන් හුවමාරු කිරීමට රටවල් අතර ගිවිසුමක්

රටවල් කිහිපයක් සමග සිරකරුවන් හුවමාරු කර ගැනීමේ ගිවිසුම්වලට කඩිනමින් අත්සන් තැබීමට ශ්‍රී ලංකා පොලිසිය පියවර ගෙන තිබේ.

ඒ අනුව, විදේශ රටවලදී අත්අඩංගුවට ගන්නා මෙරටට අවශ්‍ය පුද්ගලයන් කඩිනමින් දිවයිනට ගෙන්වා ගැනීමට හැකි වන අතර මේ වන විට මෙවැනි ගිවිසුම් කිහිපයක් අත්සන් කර ඇති බව ද වාර්තා වේ.

මෙම ක්‍රමයේ අරමුණ නම් විවිධ අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාවාරම් සිදුකරමින් විදේශ රටවල සැඟව සිටින පුද්ගලයන් මෙම ගිවිසුම් ප්‍රකාරව මෙරටට ගෙන්වා ඔවුන්ට එරෙහිව නීති මගින් කටයුතු කිරීමයි.

වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සඳහන් කළේ, මෙරට විවිධ අපරාධවලට සම්බන්ධ පුද්ගලයන් 42 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට මේ වන විට රතු නිවේදන නිකුත් කර ඇති බව ත් මෙම ගිවිසුම් උපයෝගී කරගෙන ඔවුන් එරටදී අත්අඩංගුවට ගෙන මෙරටට ගෙන්වා ගැනීම කඩිනම් කරන බව ත් ය.

ඩුබායි, ඉන්දියාව සහ යුරෝපීය රටවල රැඳී සිටින මෙවන් අපරාධකරුවන් 42 දෙනෙකු සම්බන්ධයෙන් මෙම රතු නිවේදන නිකුත් කර ඇති බව වාර්ථා වේ.

Related posts

එක රැයකින් මේ ආණ්ඩුව වෙනස් කරන්න අපට පුලුවන් – සුමන්තිරන්

colombotoday

අවිනීත රියදුරෙක් රාජගිරියේදී ජීවිත දෙකක් බිලිගනී

colombotoday

‘රාජපක්ෂලා හොරු: කීවාට ඔප්පුකරගන්න බැරිවුණා.. චෝදනා බොරු බවයි පේන්නේ‘ – ඇමති මහින්ද

colombotoday

වේගවත්ම සෙල්ලම් මෝටර් රථය

Admin

පිටින් ගෙනෙන රා උතුරේ විකිණීම තහනම්.. උතුරු පළාත් සභාව යෝජනාවක් සම්මතකරගනී

colombotoday

සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් අද දිනයේ සිදුකරන එන්නත්කරණය

colombotoday