Colombo Today Local News

වැලන්ටයින් චොක්ලට් කෑවාට මව්පියන්ගෙන් ගුරුවරුන්ට චෝදනා

වැලන්ටයින් දිනය දා (පෙබ. 14) මොනරාගල දිස්ත්‍රික්කයේ ජාතික පාසලක ගුරුවරුන් සිසු සිසුවියන් පිරිසකගේ බෑග්වල තිබූ චොකලට් තොගයක් ආහාරයට ගෙන ඇති බවක් මවුපියෝ චෝදනා කරති.

එම ජාතික පාසලේ විදුහල්පතිවරයා වැලන්ටයින් දිනය නිමිත්තෙන් පාසලේ හය ශ්‍රේණියේ සිට දහතුන් වන ශ්‍රේණිය දක්වා සිසු සිසුවියන්ගේ බෑග් පරීක්ෂා කිරීමට තීරණය කර තිබේ.

ඒ අනුව ගුරුවරුන් සහ ශිෂ්‍ය නායක නායිකාවන් එක්ව පරීක්ෂා කිරීමේදී විවිධ මිල ගණන් යටතේ චොකලට් පෙට්ටි, රෝස මල් පොකුරු හා තවත් තෑගි භාණ්ඩ හමුවී තිබුනි.

නව වන ශ්‍රේණියේ පන්ති කාමරයක හැර අනෙකුත් සියලු ම පන්ති කාමරවල සිසු සිසුවියන් පිරිසකගේ බෑග්වලින් මෙම භාණ්ඩ හමුවී තිබෙන අතර බාහිර පුද්ගලයන්ගෙන් ලැබී තිබූ හා වෙනත් පාර්ශ්වයන්ට ලබා දීමට තිබූ මෙම චොකලට් පෙට්ටි ළඟ තබාගෙන සිටි බවත් එම සිසු සිසුවියන් ගුරුවරුන් හමුවේ පවසා තිබේ.

එසේ සොයාගත් චොක්ලට් ඇතුළු භාණ්ඩ සියල්ල ගුරු විවේකාගාරයට රැගෙන ගොස් තිබෙන අතර එහිදී ගුරුවරුන් පිරිසක් චොක්ලට් පෙට්ටි කඩා ආහාරයට ගෙන ඇත.

මේ අතර, විදුහල්පතිවරයා වැලන්ටයින් තෑගි හමුවූ සිසු සිසුවියන්ගේ මවුපියන් ඊයේ (පෙබ. 15) දිනයේදී පාසලට ගෙන්වා දැඩි ලෙස අවවාද කර තිබෙන අතර එහිදී පාසලට පැමිණි මවුපියන් පිරිසක් සිසුන්ගෙන් ලබාගත් චොක්ලට් අනුභව කිරීම පිළිබඳව ගුරුවරුන්ට විරෝධය පළකර ඇත.

Related posts

ලිස්සා ගිය වෑන් රථයේ රිදුරු සහ කතක් මරු දකී

Admin

චීන රජය ප්‍රාදානය කළ සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 5ක් දිවයිනට

colombotoday

මහින්ද පිළේ 15ක් ආණ්ඩුවට එකතු වෙන්න කැමැත්ත පළකරා – රාජිත

colombotoday

ලියාපදිංචියට නව දේශපාලන පක්‍ෂ 76 කින් අයදුම්පත්

colombotoday

600ක් ශ්‍රී ලංකාවෙන් පිටුවහල් කරයි

colombotoday

පෙට්‍රල් ලීටරය රු 200ට නගී.. තෙල් පෝලිමේ ආ ජනතාවට පොලිසිය ගුටි බෙදයි (Video)

colombotoday