Colombo Today Local News

පෙම්වතිය මගහැරියාට පෙම්වතාට පිහිපහරක්

ගම්පොළ වැඩබලන මහෙස්ත්‍රාත් නන්දනී කාන්තිලතා මහත්මිය නියෝග කලේ වසර ගණනක ප්‍රේමය මඟහැරීමට උත්සාහ කළ 22 හැවිරිදි පෙම්වතාට පිහිපහරක් එල්ල කළ 19 හැවිරිදි පෙම්වතිය ලබන 22 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසටය.

මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කර ඇත්තේ ගම්පොළ උලපනේ ප්‍රදේශයේ පදිංචි තරුණියකි.

ඇය ගම්පොළ නගරයේ මත්ස්‍ය ව්‍යාපාරවලට සම්බන්ධ තරුණයෙකු සමග ප්‍රේම සම්බන්ධතාවක් පවත්වාගෙන ගොස් තිබිණි.

එහෙත් කාලයක් ගිය පසු අදාළ තරුණයා ඇයව අත්හරින බවක් ඇයට දැනීමත් සමග ඒ පිළිබඳ ඇය ඔහුගෙන් විමසා සිටියද ඔහුගේ තීන්දුව වෙනස්‍ නොවන බව දැනගත් ඇය ඔවුන් දෙදෙනාගේ ඡායාරූපද මුහුණු පොතේ පළ කිරීමට කටයුතු යොදා ඇත්තේ ඔහුට වෙනත් පෙම් සබඳතාවක් පවත්වාගෙන යා නොහැකි වන අයුරින්ය.

මෙයින් කිපී ඇති තරුණයා එම ඡායාරූප මුහුණු පොතෙන් ඉවත් කරන ලෙස දන්වා ඇයට පහරදී ඇති බවත් මේ පිළිබඳ ඇගේ මව හා සහෝදරයාද දැනගෙන සිද්ධියට මැදිහත්වී ඇති බවත් සදහන් වේ.

ඒ අනුව තරුණියගේ මව හා සොයුරා මෙම තරුණයා ව්‍යාපාර කරන ගම්පොළ පොදු වෙළෙඳ පොළ වෙත පැමිණ ඒ පිළිබඳව විමසා ඇති අතර එහිදී අදාළ තරුණයා පෙම්වතියගේ සොහොයුරාට පහර දී ඇති බවත් වාර්ථා වේ.

එහිදී මව විසින් පහර කෑ පුතා රෝහලට රැගෙන ගොස් ඇති අතර තරුණිය සඟවාගෙන සිටි පිහියක් රැගෙන පෙම්වතාට පහර එල්ල කර ඇත.

එයින් තුවාල ලැබූ පෙම්වතා ගම්පොළ ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති අතර වෙළෙඳසැල අසල සිටි‍ අනෙකුත් පිරිස මෙම තරුණිය මෙල්ල කර පසුව ඇය පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ.

Related posts

හිටපු ජනාධිපති ගෝඨාභය සිංගප්පූරු බලධාරීන්ගෙන් තවත් දින 14ක් ඉල්ලයි

colombotoday

භික්ෂුව තමන්ගේ භූමිකාව වන ධර්ම කටයුතු කරගෙන ඉන්න. නීතිය කැඩුවට අධිකරණය ප්‍රතික්‍රියා කරයි. – උතුරේ ආණ්ඩුකාරයා තග දමයි

colombotoday

සමාජ ජාලාවල ප්‍රචාරය වන ප්‍රකාශ ගැන ජනපතිගෙන් නිවේදනයක් !

colombotoday

ජනාධිපති රනිල්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශය ගැන විවාදය හෙට

colombotoday

අධිකරණයට අපහාස : සරත් විජේසූරියට නොතීසි…

colombotoday

දෙමළ ජනතාවටත් ස්වයං තීරණ අයිතියට දේශපාලන බලයක් ඕනා

colombotoday