Colombo Today Local News

මත් උවදුරෙන් දරුවන් මුදාගැනීමට දරුවන්ට පවුරක් බැදි “පවුර”

පාසල් අවට මත්ද්‍රව්‍ය සංසරණයක් ඇති බවට හඳුනාගෙන ඇති පාසල් 4,983ක් අතරින් පාසල් 4,876ක් මේ වනවිට සුරක්ෂිත කර ඇති බව පොලීසිය පවසයි.

ඒ අනුව පුද්ගලයින් 517 දෙනෙකු අදාළ පාසල් අවට මත්ද්‍රව්‍ය අලෙවිකළ බවට සැකපිට පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් පරිදි මත්ද්‍රව්‍ය සංසරණයක් තිබෙන බවට හදුනාගත් සෑම පාසලක් ආශ්‍රිතවම අදාළ පාසල් ගුරුවරුන්, ශිෂ්‍ය නායක සහ පාසල් අවට ශිෂ්‍ය ප්‍රජාව සහභාගි කරවා ගනිමින් “පවුර” සංසද කමිටු 5,133 ක් පිහිටුවන ලදී.

එම “පවුර” සංසද කමිටු සාමාජිකයින් විසින් ලබාදුන් වාර්තාවන් අනුව පාසල් 4,876 ක් ආශ්‍රිතව මත්ද්‍රව්‍ය සුලභතාවය පිළිබඳ අවදානම යම්තාක් දුරකට පහව ගොස් ඇති බවට කරුණු අනාවරණය වී ඇත.

එසේම, පාසල් 107 ක් ආශ්‍රිතව මත්ද්‍රව්‍ය අවදානම පවතින බවට “පවුර” සංසදය වාර්තා කර ඇති අතර, එම පාසල් අවට තවදුරටත් මෙහෙයුම් සිදුකරන ලෙසට අදාළ පාසල් පිහිටා ඇති පොලිස් කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් වෙත පොලිස්පතිවරයා විසින් මේ වන විටත් උපදෙස් ලබාදී ඇත.

එසේම, පාසල් 434 ක් ආශ්‍රිතව ළමුන් නොමග යැවීමට පොළඹවන ස්ථාන ඇති බවට හදුනාගෙන ඇති අතර, එම පාසල් අවට ඉදිරි කාලය තුළ මෙහෙයුම් සිදුකරන ලෙසටත් අදාල කොට්ඨාස භාර නිළධාරීන් වෙත උපදෙස් ලබාදී ඇති බව පොලිස් මූලස්ථානය සදහන් කරයි.

පාසල් ආශ්‍රිතව දරුවන්ට හිතකර පරිසරයක් නිර්මාණය කිරීම සදහා “පවුර” සංසදය තවදුරටත් ශක්තිමත්ව ක්‍රියාත්මක වන බවයි පොලිස් මූලස්ථානය වැඩිදුරටත් සදහන් කරන්නේ

Related posts

භූගත ජලයට වෛරස් එකතුවිය හැකියි. නමුත් භූමිදානය කරන්න දෙන්න. වෛරස් කමිටුවෙන් හතරබීරි කතාවක්. විද්වත් කමිටුව අවසරය නොදෙයි.

colombotoday

මන්ත‍්‍රී නලින් බණ්ඩාර නිල නිවාසයෙන් ඉවත් කරන්නැයි අධිකරණය නියෝග

colombotoday

කොරෝනා ව්‍යාප්තිය ඉහළට… හොංකොං රාජ්‍ය හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කරයි !

colombotoday

රියැදුරු බලපත්‍රවලට අදාලව ලබාදෙන සේවාවන් සීමා කෙරේ

colombotoday

පොලිස් විශේෂ කාර්ය බලකාය සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව රාජිතගේ නිවස පරික්ෂා කරයි

colombotoday

20ට එරෙහි පෙත්සම් සලකා බැලීම් අදින් අවසන්

colombotoday