Colombo Today Local News

තරුනියක් කෙලෙසූ තැපැල් සේවකයෝ.

රුවන්වැල්ල පොලිසිය විසින් පෙරේදා (29) දූෂණ චෝදනාවකට තැපැල් සේවකයින් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඒ මව සමගින් තැපැල් කාර්යාලයට පැමිණි විසි හය හැවිරිදි තරුණියක් තැපැල් සේවකයෙකුගේ නිවසකට ගෙන්වා දූශනය කල බවට ලැබුන පැමිනිල්ලකට අනුවයි.

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ රුවන්වැල්ල සහ ඉබුලානේ තැපැල් කාර්යාල වලින් සේවය කරන සිව් දෙනෙකි.

කන්නන්තොට ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි තරුණියක් පසුගිය සිකුරාදා මව සමඟින් රුවන්වැල්ල නගරයේ පිහිටි තැපැල් කාර්යාලයකට පැමිණ ඇති අතර තැපැල් කාර්යාලයේදී ඔවුනට උපකාර කළ 27 හැවිරිදි එහි තරුන සේවකයකු උපකාරයක් අවශ්‍ය නම් කතා කරන්නැයි අදාළ තරුණියට දුරකථන අංකය ලබාදී ඇයගේද දුරකථන අංකය ලබාගෙන ඇත.

පසුව එම තරුණයා මෙම තරුණිය හා සුහදත්වයක් ඇති කරගනිමින් තරුණිය කන්නන්තොට පිහිටි නිවස වෙත ගෙන්වා ගෙන දූෂණයට ලක්කර ඇත.

පසුව මොහු රුවන්වැල්ල සහ ඉබුලාන තැපැල් කාර්යාලවල සේවය කරන සිය මිතුරන් තිදෙනෙකුද නිවසට ගෙන්වාගෙන තිබේ.

ඇතිවූ බිය මත තරුණිය මේ බව කිසිවෙකුට හෝ පවසා නැති අතර මොවුන් සිව්දෙනාම තරුණිය වරින් වර බලහත්කාරයෙන් දූෂණයට ලක්කර තිබූ බවක් ද පසුගිය 28 වනදා දක්වා කිසිවකුට දැන්වීමටවත් ඇය පියවර ගෙන නොතිබිනි.

තරුණියගේ වැඩිමහල් සොහොයුරුට මේ ගැන පසුගිය 28 වැනිදා තොරතුරු අනාවරණය වී ඇත්තේ, තරුණිය දුරකථනයෙන් කතා කරමින් තැපැල් සේවකයාගේ නිවස දෙසට යන ආකාරය මිතුරෙකු දැක පැවසීමත් සමගය. මේ අනුව වැඩිමහල් සොහොයුරා විසින් තරුණියගෙන් ප්‍රශ්න කිරීමේදී ඇය සිදුවූ සියල්ල පවසා ඇති අතර ඒ ගැන තරුණියගේ මව විසින් රුවන්වැල්ල පොලීසියට ද පැමිණිලි කර ඇත.

මේ අනුව තරුණිය වෛද්‍ය ප්‍රතිකාර සඳහා රෝහල්ගත කිරීමටත් ඇයව දූෂණයට ලක්කළැයි කියන තැපැල් සේවකයින් අත්අඩංගුවට ගැනීමටත් රුවන්වැල්ල පොලීසිය පෙරේදා කටයුතු කර ඇත.

Related posts

ගාලු මැයි රැළියට නොඑන ශ්‍රීලනිප සංවිධායකයන්ට මඩු වල්ගෙන් තලන්න යයි !

colombotoday

බහාලුම් ප්‍රවාහන ගාස්තු ඉහළට

colombotoday

ඇමති මංගල එක්ක බෑ… දයා ගමගේ ඇමතිකමින් අස්වෙයි..

colombotoday

හොරෙන් ගෙනා සැප වාහන ගැන ඇහෙන කතාව

Admin

රන්ජන්ගේ හඬපටි නාඩගම: විනිසුරු ගිහාන් පිලපිටියට එරෙහි නඩු විභාගය අත්හිටුවන්න නියෝගයක්

colombotoday

මෙරට හමුදාවන් ලගවත් නැති වර්ගයේ බෝම්බයක් කුලියාපිටිය මුස්ලිම් ව්‍යාපාරිකයෙක් ළග… ආරක්ෂක අංශ නිෂ්ක්‍රීය කරයි…

colombotoday