Colombo Today Local News

විශ්ව බුද්ධි යළි වැඩ අල්ලයි

සුනඛයකුට සිවුරක් පොරවමින් බුදු දහමට නිගා වන “ටික් ටොක්” වීඩියෝ අන්තර්ජාලයට මුදා හැරියේ යැයි අත්අඩංගුවට ගෙන ඇප නියම වූ රත්නපුරේ විමල බුද්ධි නොහොත් “විශ්ව බුද්ධි මුනි” චීවරධාරියා බුදුදහමට නිගා වන වීඩියෝ පළ කිරීම යළිත් ආරම්භ කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා හමුවේ කරුණු දක්වමින් පැවසීය.

අන්තර්ජාලයේ පලවන වීඩියෝ සම්බන්ධයෙන් වැඩිදුර වාර්තාවක් ගොනු කරමින් මෙම කරුණු දැක්වීම කර ඇත.

සැකකාර හිමිනම රුපියල් ලක්ෂ පහ බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා පසුගිය (09)දා නියෝග කළේය.

සැකකරු කළේ යැයි කියන ප්‍රකාශය 2007 අංක 56 දරණ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් සම්මුති පනතේ 3(01) වගන්තිට ගැනෙන වරදක් නොවන බවට නිගමනය කරමින් මෙම ඇප ලබාදීම සිදුකරන බව ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා සිය නියෝගය ප්‍රකාශයට පත් කරමින් සඳහන් කළේය.

සම්මුති පනත යටතේ ඇප ලබා දුන්නද ආගමට අපහාසයක් කිරීම සම්බන්ධයෙන් දණ්ඩන නීති සංග්‍රහයේ 290 හා298 වගන්ති යටතේ ගැනෙන වැරදි සම්බන්ධයෙන් නඩුව පවරා පවත්වාගෙන යෑමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හැකියාවක් ඇති බවට,හා එසේ විමර්ශනය කිරීමට බාධාවක් නොවන බව ද මහේස්ත්‍රාත්වරයා සිය නියෝගය නිකුත් කරමින් දන්වා ඇත.

Related posts

ඇමති ආරක්ෂකයෝ විදෙස් තරුණියකට අතවර කරලා.. පැන යද්දී දෙන්නෙක් අල්ලයි

colombotoday

අලුත් ගොඩනැගිල්ලක් හදන්න චන්ද්‍රිකාටත් ලක්ෂ 170ක්.. පරිපූරක ඇස්තමේන්තුව පාර්ලිමේන්තුවට

colombotoday

අයිස් ගහන පාර්ලිමේන්තු පොලිසියේ කොස්තාපල් ගෙවල් කොල්ලකලා

Admin

තලෙයි මන්නාරම දක්වා සීඝ්‍රගාමී දුම්රියක් සැප්තැම්බර් 15 වනදා සිට

Admin

ජනාධිපති හිටපු කාර්ය මණ්ඩල ප්‍රධානීට ඇප

colombotoday

උසස් පෙළ සහ ශිෂ්‍යත්වය කල් දමන්නේ නැහැ – අධ්‍යාපන ඇමති

colombotoday