Colombo Today Local News

රජයේ හෙද නිලධාරීන්ගේ වැඩ වර්ජනය අවසන්

රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය ආරම්භ කළ දීපව්‍යාප්ත එක් දින වැඩ වර්ජනය අද (18) උදෑසන 7.00 න් අවසන් කර තිබේ.

ඔවුන් එම වැඩ වර්ජනය ආරම්භ කර සිටියේ, වෛද්‍ය වෘත්තීයට පමණක් රුපියල් 35,000ක දීමනාවක් ලබාදීමට රජය ගත් තීරණයට විරෝධය පළ කරමිනි.

මේ අතර වෛද්‍යවරුන්ට පමණක් රුපියල් 35,000ක දීමනාවක් ලබාදීමට එරෙහිව වර්ජනයේ නිරත වූ සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය අද විශේෂ සාකච්ඡාවක් කැඳවා ඇත.

ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් ශානක බෝපිටිය මහතා කියා සිටින්නේ, වෘත්තීය සමිති 72ක ම නියෝජනය වන පරිදී සාකච්ඡාව පැවැත්වෙන බවයි.

ගතයුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව මෙහිදී සාකච්ඡා කරන බව ද ඔහු සඳහන් කරයි.

Related posts

ඉඩම් ලබා දීම අත්හිටුවයි.. හොරණ ටයර් කර්මාන්ත ශාලාවේ වැඩ නවතී

colombotoday

අධිකරණ නියෝග කඩ කළ අප්පුහාමි භාර වෙයි

colombotoday

කොටි වළ දැමූ රත්‍රං හා ආයුධ සෙවූ 4ක් අත්අඩංගුවට..

Admin

හරීන් අගරදගුරුට අපහාස කිරීම මංගල අගයයි

colombotoday

උපන් බිමේ අසරණ වූ නැගෙනහිර සිංහල බෞද්ධ ජනතාව වෙනුවෙන් මහ සගරුවන වීදි බසී

colombotoday

අද සිට බස් ගාස්තු ඉහළට..

colombotoday