Colombo Today Local News

කුඩ්ඩන්ට මත් කරල් දුන් පලා ආ සෙබලා යුක්තියේ දැලට පැටලෙයි

හොරයින් මත්කුඩු පානය කරන්නන්ට නිවස තුළ පහසුකම් සැලසූ මෙන්ම ඊට ආදේශකයක් ලෙස භාවිතා කරන මත් කරල් සැපයු යුද හමුදාවෙන් පලා ආ සෙබලා සමග මත්ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා පැමිණ සිටි පුද්ගලයෙකු කළුතර ඈතගම නිවසක දි අත්අඩංගුවට ගත් බව පානදුර වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බලකාය පවසයි.

සැකකරුවන් දෙදෙනා සන්තකයේ තිබී මත්කරල් 14ක් හා පලා ආ හමුදා සෙබලාගේ නිවස තුළ සඟවා තිබූ යුද හමුදාව භාවිතා කරනු ලබන කැලෑ නිල ඇඳුම් කට්ටල හතරක්, තද කොළපෑති හමුදා නිල ඇඳුම් කට්ටල පහක්, කැලෑ සටන් වලට භාවිතා කරනු ලබන හිස් වැසුමක්, තද කොළ පැහැති හමුදා හිස් වැසුම් දෙකක්, නිල් පැහැති හමුදා හිස් වැසුම් දෙකක්, කොළ පැහැති හමුදාබඳ පටි දෙකක්, දුඹුරු පැහැති හමුදා බඳපටි දෙකක්, හමුදා බූට් සපත්තු ජෝඩු දෙකක්, නලාව සහිත රතු පැහැති ලෙන්යාඩ් එකක් සහ කොළ පැහැති හමුදා ගමන් බෑගයක් පොලිස් භාරයට ගෙන තිබේ.

යුක්තිය මෙහෙයුමට සමගාමීව පානදුර වලාන මධ්‍යම දූෂණ මධ්‍ය ප්‍රහාරක බලකාය සැකකරු පදිංචි නිවස වටලා සිදු කළ පරික්ෂාවේදී දේපළ සොයා ගැනීමට හැකි වූ බව පොලිසිය කියයි.

Related posts

“විජේකලාට එක නීතියක්, අපට තව නීතියක්” මන්ත්‍රී අලුත්ගමගේ මැරෙනතුරු උපවාසයකට සැරසෙයි…

colombotoday

තත්පුලන මනෝගනේශන් ගේ කතාවට ප්‍රකෝප නොවෙන්නැයි මහජන ආරක්ෂක ඇමති ජනතාවගෙන් ඉල්ලයි

Admin

සෙවණගල සීනි කම්හල ඇමති බදියුදීන් යටතට පවරන්නැයි ඉල්ලයි

colombotoday

භික්ෂු පනතට අස්ගිරි මහා සංඝ සභාවේ විරෝධය ! නිළ වශයෙන් දැනුම් දෙයි

colombotoday

ඕමානයේ සුරක්ෂා නිවාසයේ රඳවා සිටි කාන්තාවක් ජීවිතක්ෂයට

Admin

විමල්ට – ගම්මන්පිලට ඒකාබද්ධයෙන් කැපිල්ලක් !!

colombotoday