World

ලාවා ගලා අයිස්ලන්ත නගරයක් විනාශ වෙයි

අයිස්ලන්තයේ ගිනි කඳු විදාරණයක් (පිපිරීමක්) සිදුවිය.

පිපිරීමෙන් නිකුත් වුණු ලාවා කුඩා නගරයට ගලා ගොස් ඇති අතර, නිවාස රැසක් සම්පූර්ණයෙන්ම විනාශ වි තිබේ.

අයිස්ලන්ත බලධාරීන් කියා සිටියේ නගරයේ යටිතල පහසුකම් සියල්ල ද විනාශ වූ බවයි.

අයිස්ලන්තය ගිනි කඳුවලින් බහුල දූපත් රාජ්‍යයකි. 3,76,000ක ජනගහනයක් වෙසෙන අයිස්ගන්තය පිහිටා ඇත්තේ උතුරු ඇමෙරිකාවත්, යුරෝපයත් මායිම් වන ස්ථානයේ උතුරු අත්ලාන්තික් සාගරයේය.

ලාවාවලින් විනාශ වූයේ රෙජවික් අගනුවර සිට කිලෝ මීටර් 70ක් දුරින් පිහිටි ග්‍රිඩාවික් නමැති කුඩා ධීවර නගරයයි.

නගරය අසල ගිනි කඳු විවරවලින් ලාවා මතුවීමට පටන් ගනු ලැබුවේ පසුගිය නොවැම්බරයේය. ඒ අනුව, එදා සිට ග්‍රිඩාවික් නගරයෙන් ජනතාව ඉවත් කිරීමට බලධාරීන් පියවර ගෙන තිබුණි. එහෙයින්, ජීවිත හානි කිසිවක් සිදු නොවිණි.

Related posts

ඔලිම්පික් බොක්සිං ක්‍රීඩක හොලික්ස් වර්ජෝ ගැබිණි පෙම්වතිය මරා දමයි

colombotoday

කොවිඩ් ප්‍රතිදේහවලින් පාලනය කිරීමට අපහසු නව ප්‍රභේදය

colombotoday

සුඩාන හමුදාව නව සටන් විරාමයක් ප්‍රකාශයට පත් කරයි

Admin

කොවිඩ් ආසාදිත කැලෑ සත්වයෙක් ප්‍රථමවරට වාර්තා වෙයි.

colombotoday

එක්සත් රාජධානියේ දෛනික කොවිඩ් ආසාදිතයින් ගණන 50,000ක් වීමට ඉඩ !

colombotoday

බෙල්ජියමේ මුස්ලිම් විරෝධය දරුණු වෙයි.. මුස්ලිම් කතක් හිතාමතාම හප්පා පොලිසියටත් කොකා පෙන්වා රියදුරු පනී (Video)

colombotoday