Colombo Today Local News

දයාසිරිට අධිකරණයෙන් තහනම් නියෝගයක්

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මහලේකම් දයාසිරි ජයසේකර මහතාට කොළඹ දිසා අධිකරණය විසින් තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන මහ ලේකම් සාරථී දුෂ්මන්ත මිත්‍රපාල මහතාගේ කටයුතුවලට බාධා වන ආකාරයෙන් කටයුතු කිරීම සහ ඊට අදාලව මැතිවරණ කොමිසම් වෙත සාවද්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීම වළක්වාලමින් මෙම නියෝගය නිකුත් කර ඇත.

    එම නියෝගය ලබන 21දක්වා බල පැවැත්වෙන බව කොළඹ දිසා විනිසුරු සඳුන් විතානගේ මහතා නියෝග කර ඇත.

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති මෛත්‍රිපාල සිරිසේන සහ එහි වැඩ බලන මහලේකම් සාරථි දුෂ්මන්ත මිත්‍රපාල යන මහත්වරු විසින් ඉදිරිපත් කළ පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කර තිබේ.

    Related posts

    භූගත ජලය භාවිතයේදී සැලකිලිමත් වන්න

    Admin

    අධ්‍යක්ෂවරිය වෙනුවෙන් රේගුවට, සුරාබදු වෘත්තිය සමිති 14ක් එක් වෙයි.

    colombotoday

    ජනපති හා අගමැති සාක්කි දීමට නොපැමිණි හෙයින් පස්වන වතාවටත් සිතාසි

    colombotoday

    දහම් පාසල් අද සිට ඇරඹේ.

    colombotoday

    අද කොවිඩ් මර්දන එන්නත් ලබාදෙන ස්ථාන

    colombotoday

    දේශබන්දු වෙනුවට නියෝජ්‍ය පොලිස්පතිවරයෙක්

    colombotoday