Colombo Today Local News

දේශීය වෛද්‍ය ක්ෂේත්‍රයට අදාළ කර්මාන්ත වැට් බද්දෙන් නිදහස්

සෞඛ්‍ය සේවයේ වියදම් අවම කරගැනීම සඳහා ආයුර්වේද නිෂ්පාදන සහ දේශීය වෛද්‍ය ක්ෂේත්‍රයට අදාළ කර්මාන්ත වැට් බද්දෙන් නිදහස් කිරීමට රජය තීරණය කර ඇති බව දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා පවසයි.

පාරම්පරික වෛද්‍යවරුන්ට බලපාන ගැටලු විසඳාගැනීම සහ දේශීය වෛද්‍ය ක්‍රමය සුරක්ෂිත කිරීම වෙනුවෙන් විශේෂ කාර්යාංශයක් පිහිටුවීමට කැබිනට් අනුමැතිය හිමි වී තිබෙන බව ද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කර ඇත.

රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා මේ බව සඳහන් කර සිටියේ, ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ අද (04)දින පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

ආයුර්වේද සංස්ථාවේ මූලිකත්වයෙන් ආයුර්වේද සුව සත්කාරක මධ්‍යස්ථාන ඉදිරියේ දී දේශීය වෛද්‍ය ක්ෂේත්‍රයට හඳුන්වාදෙන බව ද දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍යවරයා පවසයි.

Related posts

අනන්‍යතාවයක් නොමැති ලක්‍ෂ 05ක් ?

colombotoday

ඉතියෝපියාවට ශ්‍රී ලංකා තානාපති කාර්යාලයක්

colombotoday

නීතිවිරෝධී ලෙස විදෙස්ගත වීමට උත්සාහ කළ දෙදෙනෙකු අත්අඩංගුවට

Admin

සුදේව සහ රංගන හිරු දමා යති. ස්වර්ණවාහිනියෙන් ඉහලම පුටු දෙකක්

colombotoday

වත්තල ගිනි තබා කාන්තාවක් ඝාතනය කල සිද්ධියේ හෙළිවූ සුළමුල

colombotoday

කතානායක ඉවතට?

colombotoday