වැලිපැන්න, පල්ලේගොඩ මාර්ගයේ තිබී නාදුනන පිරිමි මළ සිරුරක් සොයාගෙන තිබේ.
වැලිපැන්න පොලීසියට ලද තොරතුරක් මත මෙම මළසිරුර සොයාගත් බව පොලීසිය පවසයි.
මිය ගොස් ඇත්තේ, අවුරුදු 35ත් 40ත් අතර වයසේ පසු වන පුද්ගලයෙකු බව පැවසේ.
මහෙස්ත්රාත් පරීක්ෂණයෙන් පසු මළ සිරුර කළුතර, නාගොඩ රෝහලේ මෘත ශරීරාගාරයේ තබා ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් වැලිපැන්න පොලීසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.