Colombo Today Local News

ක්‍රිෂ් ගනුදෙනුව ගැන හොයන්න FCID සිංගප්පූරු යයි

මිශ්‍ර ආයෝජන ව්‍යාපෘතියක් වූ ක්‍රිෂ් ව්‍යාපෘතියේ සිදුවූ බව කියන මූල්‍ය වංචා පිළිබඳව කරනු ලබන විමර්ශන වලට අදාළව පොලිස් මූල්‍ය අපරාධ ඒකකයෝ නිලධාරීන් පිරිසක් මේ වන විට සිංගප්පූරුවට ගොස් ඇති බව වාර්තාවෙයි.

පසුගිය රජය සමයේ ආරම්භ කළ මෙම ව්‍යාපෘතියේ සිදු වූ බව කියන මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගෙන්ද ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.

මූල්‍ය අපරාධ ඒකකයේ නිලධාරීන් මෙන් නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ද සිංගප්පූරුවට ගොස් ඇත.

කොළඹ නගරයේ අක්කර 4කට අධික භූමි භාගයක ඉදිකිරීමට නියමිතව තිබූ මෙම ව්‍යාපෘතියේ වටිනාකම ඩොලර් මිලියන 650ක් වන අතර එයට සුඛෝපභෝගී හෝටල, නිවාස සංකීර්ණ, කඩසාප්පු හා කාර්යාල ඉඩද වෙන්කර තිබුණි.

Related posts

රාජපක්ෂලා හොරකම් කරපු කෝටි හතලිස් දෙදාහක් මං ඇස් දෙකෙන්ම දැක්කා – රාජිතගේ පුතු

colombotoday

නවීන ගිනි අවි දෙකක් හෑගොඩ නිවසකින් සොයා ගනී

colombotoday

සජිත් මුහුදු මහා විහාරය මගහරින්නේ ඇයි?

colombotoday

තෙල් සේවකයන්ට ගහපු මැරයන් ගැන පැමිණිළි නෑ.. ඒ නිසා අත්අඩංගුවට ගන්න බෑ

colombotoday

අධිකරණ ඇමතිට ආචාර්ය කියා ඇත්තේ වැරදීමකින්ලු

Admin

ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශයේ වැය ශීර්ෂ ගැන විවාදය අද

Admin