Colombo Today Local News

අධිකරණ ඇමතිට ආචාර්ය කියා ඇත්තේ වැරදීමකින්ලු

පාර්ලිමේන්තු වෙබ් අඩවියේ මන්ත්‍රීවරයන්ගේ නාමාවලිය තුළ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතාගේ නම ඉදිරියේ ආචාර්ය යනුවෙන් සඳහන්වීම අතපසුවීමක් බව පාර්ලිමේන්තුව පවසයි.

අමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තුව වෙත ලබාදෙන ලද ‍සිය තොරතුරු පත්‍රිකාවේ ආචාර්ය නාමයක් ඇතුළත්ව නොතිබූ බවද එහි දැක්වෙයි.ඒ අනුව, එකී අතපසුවීම නිවැරදි කිරීමට දැනට කටයුතු කර ඇති බව ද ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව දැනුම්දෙයි.

මේ සම්බන්ධයෙන් අධිකරණ සහ ජාතික ඒ්කාබද්ධත අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතාට සිදුවූ අපහසුතාව පිළිබඳව බලවත් කනගාටුව පළ කරන බව ද ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

Related posts

පාර්ලිමේන්තුවේ නව සැසිය දා 272,000ක තේ බිල ජනපති ගෙවයි

colombotoday

VAT පනත නීති විරෝධීයි.. ශ්‍රේෂ්ඨාධිකරණය පාර්ලිමේන්තුවට දන්වයි.. නව පනතක් ගේනවා – අගමැති කියයි

colombotoday

ජවිපෙ මැයි රැලිය පුරවන්න පාසල් ළමුන් බලහත්කාරයෙන් අරන් ඇවිත් !

colombotoday

එස්.බී. නාවින්න සජිත්ගේ සහයට එක්වෙයි !

colombotoday

ග්‍රාම නිලධාරී වසම් 5ක හුදකලා බව ඉවතට

colombotoday

“සොත්ති උපාලිගේ” පුතා හෙරොයින් කිලෝ 2ක් සමඟ මාට්ටු.

colombotoday