Colombo Today Local News

කටුනායකදී ලෙබනන් ජාතිකයෙකුගේ ඩොලර් 14,000ක් සොරා ගත් චීන ජාතිකයෙකු සොයා විමර්ශන..

ලෙබනන් ජාතිකයෙකුගේ මුදල් සොරා ගත් බව කියන චීන ජාතිකයෙකු සොයා පොලිසිය විමර්ශනයක් අරම්භ කර තිබේ.

ඒ, ඕමාන ගුවන් සේවයට අයත් යානයක පැමිණි අදාල ලෙබනන් ජාතිකයා තමන් සමග ව්‍යාපාරික පංතියේ පැමිණි චීන ජාතියෛකු තම මුදල් සොරකම් කළ බවට කටුනායක ගුවන්තොටුපොළ පොලිසිය වෙත කළ පැමිණිල්ලක් අනුවයි.

අදාල ලෙබනන් ජාතිකයාගේ අත්බෑගයේ තිබූ අමෙරිකානු ඩොලර් 14,000 ක මුදලක් අදාළ චීන ජාතිකයා සොරා ගෙන ඇති බව පොලිසිය පවසයි.

ඒ අනුව, සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට දැනට අතුරුදන් වී ඇති චීන ජාතිකයා අත්අඩංගුවට ගැනීමට විමර්ශන ක්‍රියාත්මකයි.

Related posts

ඩොලරය අදත් ඉහළ යයි

Admin

මෙවර ඡන්ද පත්‍රිකාව අඩි දෙකක් දිගයි- මැකෝ

colombotoday

මම විපක්ෂයට යන කතාව බොරුවක් – රොෂාන් රණසිංහ කියයි

Admin

හොර වැඩ එළිවෙනවාට බයේ බදුර්දීන් අමාත්‍යාංශයේ සිංහල සේවකයන් පහළම තට්ටුවට දමයි !

colombotoday

බස්නාහිර විශේෂ මෙහෙයුමකින් සැකකරුවන් 1120ක් අත්අඩංගුවේ

colombotoday

උද්දමනය පහලට

Admin