Colombo Today Local News

අල්ලස්ගත් කළුතර දිසා අධිකරණ කාර්යාල සහයක රිමාන්ඩ්

නඩුවක තීන්දු පිටපතක් ලබාදීම සඳහා රුපියල් 3200ක අල්ලසක් ලබා ගත්තේය යන සැකයට අත්අඩංගුවට පත් කළුතර දිසා අධිකරණය කාර්යාල කාර්ය සහයක වරයා ලබන 19 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා අද (06)දින නියෝග කර තිබේ.

කළුතර දිසා අධිකරණයේ අල්ලස් ලබා ගන්නා පුද්ගලයකු සිටින බවට කොළඹ දිසා විනිසුරුවරියට ලැබුණු නිර්නාමික ලිපියක් අනුව දිසා විනිසුරුවරිය විසින් යොමු කළ ලිඛිත පැමිණිල්ලක් අනුව උපාය දූතයක යොදවා සැකකරු අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ නිලධාරීන් අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් සඳහන් කර ඇත.

සැකකරු නඩුවක තීන්දු පිටපතක් ලබා දීම සඳහා අල්ලස් කොමිසමේ නිලධාරීන් ගෙන් රුපියල් රු.3000 සහ රිසිට්පතක් කැඩීමට බව පවසමින් රුපියල් 200ක මුදලක්ද ලබාගෙන ඇති බව ද අධිකරණයට කරුණු ඉදිරිපත් කර තිබේ.

Related posts

අත්‍යවශ්‍ය සේවාවල නිරතවන්නන්ට පූර්ව ඡන්දය ප්‍රකාශ කිරීමේ නව ක්‍රමවේදයක්

colombotoday

යුද හමුදාව මුලතිව්හී තවත් මානුෂීය මෙහෙයුමක

colombotoday

ජාතික තව්හීත් ජමාත් කල්ලියේ සාමාජිකයෙක් කටුනායකින් අත්අඩංගුවට

colombotoday

මෝටාර් උණ්ඩයක කොටසක් පිපිරී සිසුවෙක් රෝහලේ

colombotoday

“ඒ ඡන්දෙ පුල්ලෙයාර්ගෙ කසාදෙ වගේ” – මහින්ද දේශප්‍රිය තැබූ සටහන

Admin

නිකං දෙනවා කිවුවේ. පොහොර සල්ලිවලටවත් නෑ

colombotoday