Colombo Today Local News

සරසවි ඇදුරන් ඉන්නේ පන්දහසකටත් අඩුවෙන්… බාගයක් රට ගිහින්

විශ්වවිද්‍යාලවල සිටිය යුතු ආචාර්යවරුන් 12000න් දැන් සිටින්නේ පන්දහසක් පමණ අඩු සංඛ්‍යාවක් හෙයින් ඒ ගැටලුව වහා විසඳීමට කටයුතු කරන්නැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අධ්‍යාපන අමාත්‍යවරයාගෙන් පාර්ලිමේන්තුවේදී අද (5)දින ඉල්ලීමක් කළේය.

පළමුවැනි ශ්‍රේණියේ සිට 13 වැනි ශ්‍රේණිය දක්වා සියලුම පාසල් සිසුන්ට පරිගණක අධ්‍යාපනය ඉංග්‍රීසි මාධ්‍යයෙන් ලබා දිය යුතු බව පැවසූ විපක්ෂනායකවරයා කොරෝනා පැවති වසර දෙකේදී රටේ දරුවන්ට අහිමි වූ අධ්‍යාපනය ලබා දීමට වැඩපිළිවෙළක් ක්‍රියාත්මක නොකරන්නේ මන්දැයි ප්‍රශ්න කළේය.

ඔහු මෙසේ පැවසුවේ අධ්‍යාපන අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබඳ අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයේදීය.

Related posts

නවක වදය ගැන පරීක්ෂණ CIDට පවරයි

Admin

වරාය පරිශ්‍රයේ උද්ඝෝෂණය නවත්වන්නැයි කළ ඉල්ලීම් අධිකරණයෙන් ඉවතට

Admin

කොවිඩ් මර්දන කමිටුව අද රැස්වෙයි

colombotoday

අරගලකරුවන් ජනාධිපති මන්දිරය ඇතුලට යයි

colombotoday

දූෂිත ගනුදෙණුව ක්‍රියාත්මකයි.. LNG බලාගාරය චීන සමාගමට දීමට මංගලගේ නිර්දේශ

colombotoday

එක්ස්ප්‍රස් පර්ල් නෞකා අනතුරේ නඩුව අද සිංගප්පූරු අධිකරණයකදී කැඳවයි

Admin