Colombo Today Local News

සාදයක් මරණයකින් අවසන් වෙයි

ඊයේ (04)දින ජා-ඇළ ප්‍රදේශයේ හෝටලයක පැවති සාදයක් අතරතුර දී ඇති වූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් පසු සිදු වූ පහරදීමකදී පුද්ගලයෙකු මියගොස් තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ 34 හැවිරිදි තුම්පෑලිය, ජා-ඇළ ප්‍රදේශයේ පදිංචිව සිටි පුද්ගලයෙකි.

මෙම පුද්ගලයා සාදය අතරතුර දී තවත් පුද්ගලයෙකු සමග බහින්බස්වීමක් ඇතිව තිබේ.

එහිදී අනෙක් පුද්ගලයා මොහුට පහර දී පසුව පිහිණුම් තටාකයට තල්ලු කර ඇති බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.

සැකකරු ප්‍රදේශයෙන් පළාගොස් ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා ජා-ඇළ පොලීසිය විමර්ශන සිදුකරයි.

Related posts

“මැද පෙරදිග ගෘහ සේවය හැර රටට ආදායම් ගේන වෙන ක්‍රමයක් නෑ”තලතා යහපාලන ආර්ථික ඔස්තාර්ලාගේ සළු ගලවයි

colombotoday

තෙල් පෝලිමක තවත් මරණයක්

colombotoday

අයවැය දෙවැනි වර කියවීමේ ඡන්ද විමසීම අද

Admin

ජනප්‍රිය රංගන ශිල්පී සැන්ඩෝ හැරිස් අභාවප්‍රාප්ත වෙයි

colombotoday

SLIIT ආයතනය තුට්ටු දෙකට යහපාලනයෙන් විකිණේ – රටට හොරෙන් සිදුකළ SLIIT මංකොල්ලය

colombotoday

“ගොවි බිම් හෙක්ටයාර් ලක්ෂයක් වි වගාවෙන් ඉවත්කරනවා” – කෘෂිකර්ම ඇමති

colombotoday